• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිතුමාලට රට පැටළෙන ගිනස් වාර්තාවයි නොබෙල් තෑග්ගයි! Sri Lanka Latest News

October 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැතිතුමාලට රට පැටළෙන ගිනස් වාර්තාවයි නොබෙල් තෑග්ගයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොබෙල් තෑග්ග කියලා කියන්නේ මොකක්ද? නොබෙල් තෑග්ග කියලා කියන්නේ, ලෝක සම්මතයේ තියෙන ඉතාම විශිෂ්ට පිරිනැමීමක්. නොබෙල් තෑග්ග පිරිනමන්නේ කාටද? නොබෙල් තෑග්ග පිරිනමන්නේ මොන වගේ වෙලාවටද? නොබෙල් තෑග්ග කියන්නේ, ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන ප්‍රකට ව්‍යාපාරිකයා, මියයද්දී ඔහුගේ අවසන් කැමැත්ත විදිහට සඳහන් කරපු දෙයක් එක්ක බැඳුණු දෙයක්. ඔහු කියනවා, ඔහු විසින් උපයපු ධනය ඉදිරි කාලවලදී මේ රටට, ලෝකෙට සේවය කරන විශිෂ්ට මිනිස්සු වෙනුවෙන් පුදකරන්න කියලා. ඒ සඳහා ඔවුන් සම්මානයක් සකස් කරනවා. ඒ සම්මානය තමයි නොබෙල් තෑග්ග කියලා කියන්නේ. මේ අනුව 1901 වසරේ තමයි නොබෙල්, නොබෙල් තෑග්ග පිරිනැමීම ආරම්භ වෙන්නේ.Sri Lanka Latest News

මේ වෙලාවේ ඇයි අපි මේ නොබෙල් තෑග්ග ගැන කතා කරන්නේ? ලංකාවේ තේ සම්බන්ධව නොබෙල් තෑග්ගක් ලබාගත්තාය කියලා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කොහේදෝ තැනකදී කියලා තිබුණා. ඇත්තටම මේ සම්බන්ධව එතුමන් කියලා තිබුණේ එතුමන්ගේ නොදැනුවත්කමක් නිසා බව ඉතාම පැහැදිලියි. ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ, ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වෙච්ච එකයි එතුමා මෙහෙම කියලා තිබුණේ.

මේක සමරන්න ඕන අවස්ථාවක් තමයි ඇමැතිතුමා. අපි ඒකට සතුටුයි. මේක හරි වැදගත් අවස්ථාවක්. මොකද, මේ වගේ තත්ත්වයකදී, අපිට තේ සම්බන්ධයෙන් ලෝකේ ගිනස් වාර්තාවක් හිමිවෙනවා කියන එක හොඳ දෙයක්. මොකද මුළු ලෝකෙම අවධානය අපේ තේවලට ලැබෙනවා. අපිට තේවලින් විශාල මුදලක් හොයන්න පුළුවන් වෙනවා. අපි තේ අලෙවියෙන් පොඩ්ඩක් වැටිලා හිටියේ. අපේ රටට අර පහුගිය කාලේ පොහොර ප්‍රශ්නෙත් එක්ක තේ හරියට දීගන්න බැරුව ගියා. ලෝකේ දැන් ටැක්ස් සම්බන්ධව සාකච්ඡා වෙමින් තියෙන අවස්ථාවක්. ඒ ඔක්කොම හරි. හැබැයි මේක මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ඇමැතිතුමා. අපි දන්නවනේ ලංකාවේ මෙතෙක් දේශපාලනය කළේ මරිමෝඩයෝ කියලා අපිත් හිතන් හිටියේ. ඒක එහෙම තමයි. මෙතෙක් දේශපාලනය කළේ, ගම්වල හිටපු ව්‍යාපාරිකයෝ, කසිප්පු වෙළෙන්දෝ, හොරු, මංකොල්ලකාරයෝ, තක්කඩි, අපරාධකාරයෝ, කොහොම හරි කරලා සල්ලි හොයාගත්ත මිනිස්සු. ඒ නිසා ඒ මිනිස්සුන්ට දැනුමක් තිබුණේ නැහැ, මොළයක් තිබුණේ නැහැ. ඒ නිසා සමහර මිනිස්සුන්ට අපි බූරුවන්ට උපමා කළා. සමහර මිනිස්සුන්ට අපි අපහාස කළා. එහෙම කරලා සමහර මිනිස්සු පන්නලා දැම්මා. දැන් අපි පාර්ලිමේන්තුවට තෝරලා දාගෙන තියෙන්නේ මොළේ තියෙන මිනිස්සු කියලා අපි හිතන් ඉන්නේ. දැනුමක් තියෙන, අධ්‍යාපනයක් තියෙන, සමාජ පරිචයක් තියෙන මිනිස්සු කියලා අපි හිතන් ඉන්නේ. කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ කිව්වාම, අතීතයේ ඉඳලම කාගෙත් ඔළුවේ තිබුණේ බලය නැතත්, රට කරන්න අවස්ථාවක් නොලැබුණත්, ඔවුන් බුද්ධිමතුන්, උගතුන්, යම් දැනුමක් තියෙන අය කියලා.

දැන් දැනුමක් තියෙනවා කියලා කිව්වාම අපි දන්නවා හැම ක්ෂේත්‍රයක් ගැනම දැනුම තියෙන මිනිස්සු මේ ලෝකේ නැහැ. හැම දෙයක්ම දන්න මිනිස්සුත් නැහැ. බිග් කුච්චන් කිව්ව එක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද හැමෝටම ඉංග්‍රීසි බෑනේ. අපි කලිනුත් ඒ ලිපිය ලියද්දිත් ලිව්වා. ඉංග්‍රීසි බැරිවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉංග්‍රීසි බැරි නම් බෑ කියලා, ඉංග්‍රීසි දන්න කෙනෙක් අරන් ගිහිල්ලා, ඉංග්‍රීසි කතාකරන්න ගිහිල්ලා කොරවෙන එකෙන් නවතින එකයි වැදගත්. ඉංග්‍රීසි නොදැන ගත්තා කියලා කාටවත් අවමානයක් වෙන්නේ නැහැ. මොකද ලෝකේ ගොඩක් රටවල ඉන්න නායකයෝ කතා කරන්නේ ඉංග්‍රීසියෙන් නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ රටේ භාෂාවෙන්. අපි සිංහලෙන් කතා කරලා පරිවර්තකයෙක් අරන් ගිහිල්ලා ඒක තේරුම් කරලා දුන්නා කියලා අපිට ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි.

මේ ඇමැතිවරු, මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්නේ හරි පොඩි ගානක්. මන්ත්‍රීවරු සම්පූර්ණ ප්‍රමාණය 225යි ලංකාවේ මිලියන 23ක් ජනගහනය ඉන්නකොට. එතකොට දැන් මේ තත්ත්වය යටතේ රටකට ඇයි මෙහෙම වෙන්නේ? මේක බරපතළ තත්ත්වයක්. රටේ ඉන්න ප්‍රධානතම දේශපාලකයෝ විකාර කියනවා තැන් තැන්වල. ඒ නිසා මේ මැති ඇමැතිවරුවත් චුට්ටක් මොළේ පාවිච්චි කරලා කතා කරන්න ඕනේ මීට වඩා. තමන් දන්න දේ, නොදන්න දේ පටලව ගන්නේ නැතුව, බහුබූත කියන්නේ නැතුව, වැදගත් විදිහට දේවල් කියලා. අනිත් එක මිනිස්සුන්ව රවට්ටන එක නතර කරලා, බොරු කියන එක චුට්ටක් අඩු කරලා, තමන්ගේ දැනුමෙන්, තමන්ගේ බුද්ධියෙන්, තමන්ගේ පරිචයෙන් මේ රටට වැඩක් කරන වටිනා මිනිස්සු ටිකක් විදිහට, තමන්ගේ තත්ත්වය පවත්වාගෙන යන්න ලංකාවේ දේශපාලකයෝ මීට වඩා හිතන්න ඕනේ කියලයි අපි හිතන්නේ.
අපි මේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට ඍජුව ඉලක්ක කරලා කියනවා නෙමෙයි. හැබැයි එතුමා කියපු මේ කතාව සමාජ මාධ්‍ය තුළ බරපතළ විදිහට හාස්‍යයට ලක් වෙනවා. සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වෙන එක අපිට නවත්තන්න බැහැ. සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්කරන එක හරි කියලා අපි කියනවා නෙමෙයි. හැබැයි සමාජ මාධ්‍ය තුළ දේශපාලකයෙන් හාස්‍යයට ලක්වෙන්න ගත්තම, රටේ වැදගත් මැති ඇමැතිවරු මේ විදිහට හාස්‍යයට ලක්වෙන්න ගත්තම ඒක ඒ මිනිස්සුන්ට හොඳ නැහැ. ඒ අයගේ බලයට හොඳ නැහැ. ඒ අය හදන නීතිරීතිවලට හොඳ නැහැ. ඒ අයත් එක දවසකින් රටේ විහිළුකාරයන් බවට පත්වුණාම, ඒක මේ රටටම හොඳ නැහැ. ඒගොල්ලෝ ජාත්‍යන්තරයට ගිහිල්ලා විහිළු සපයන්න ගියාම ඒක මුළු ලෝකෙටම හොඳ නැහැ. ඒක මුළු ලෝකයක් ඉදිරියේ අපිට හොඳ නැහැ. ඒ නිසා ඇමැතිතුමා මීට වඩා කල්පනා කරලා, මීට වඩා දේවල් හොයලා, තමන් දේශපාලකයෙක්, තමන් කතාකරන එක මුළු ලෝකෙම අහගෙන ඉන්නවා. තමන් කතා කරන්නේ මුළු ලෝකෙටම ඇහෙන්න, තමන්ට දැන් ඉස්සර වගේ පාර තොටේදී යාළුවොත් එක්ක හම්බවෙලා කතා කළා වගේ, විපක්ෂයේ ඉඳන් දේවල් විවේචනය කරා වගේ වගකීමකින් තොරව කතාකරන්න බැහැ. ඒ ගැන සැලකිලිමත් වෙලා කතාකරනවා නම් ඔබතුමාලාට මීට වඩා හොඳ වෙයි කියලයි අපේ විශ්වාසය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඔක්තෝබර් මාසයේ සුපිරි කෝටිපතියෙක් වෙන්න ලොතරැයි ගන්න ඕනේ මෙන්න මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

දකුණේ යළි වෙඩි පත්තු වීම පටන් අරන්! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

Load More
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

රාජපක්ෂලාට අපලයි මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එහි පළමු ඉඟිය පසුගිය...

Read more
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.