ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විලාසිතාගාර ජාලයක් වන ෆැෂන් බග් 2013 වසරේ සිට ශ්‍රී ලාංකීය පාසල් සිසු දරු දැරියන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා සිදුකරන “සිසු දිරිමග” සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ නවතම ආකාරයේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව අවසන් කෙරිණි. අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරු දැරියන් කේන්ද්‍ර කරගනිමින් අධ්‍යාපන සාර්ථකත්වය උදෙසා සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
අධ්‍යාපන අවශ්‍යතා උදෙසා ජංගම දුරකතන හා පරිගණක භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග සිසුන් දැන් පෙරටත් වඩා ඩිජිටල් අවකාශය තුළට නිරාවරණය වී අවසන්. මෙම තත්ත්වය කාලීන වැදගත්කමකින් යුතු මාතෘකාවක් ලෙස සලකා නැණවත් ලෙස ජංගම දුරකතන භාවිතා කිරීම වගකීම්සහගත ලෙස සහ ඵලදායී ලෙස සමාජ මාධ්‍ය භාවිතා කිරීම, සමාජ මාධ්‍ය භාවිතාවේ වාසි සහ අවාසි මෙන්ම අධ්‍යාපනික ්චච හරහා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නා ආකාරය පිළිබඳ මෙම වැඩසටහනේදී සාකච්ඡා කෙරිණි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා පතිරණ මහත්මියගේ මෙහෙයවීමෙන් එහි සිංහල මාධ්‍ය වැඩසටහන කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේදීත්, දමිළ මාධ්‍ය වැඩසටහන සුප්‍රකට ආයතනික පුහුණුකරු ඉස්මයිල් අසීස් මහතාගේ මූලිකත්වයෙන් කොටහේන හින්දු මධ්‍ය මහා විද්‍යාලයේදීත් පැවැත්විණි.











