නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිදුකරන ඕනෑම ගනුදෙනුවක් සඳහා අමතර ගාස්තු නොමැතිව මාස 12ක් දක්වා ගෙවීම් සිදුකිරීමට සුවිශේෂී වාරික සැලසුමක් දැන් හඳුන්වා දී ඇත. මේ සඳහා කළයුතු වන්නේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පතෙන් රු.25,000ක් හෝ ඊට වැඩි මුදලක (හෝ ඊට සමාන විදෙස් මුදල් වටිනාකමක් ඇති) ගනුදෙනුවක් සිදුකිරීම පමණි. 011 4 414141 අංකය ඔස්සේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් ඇමතුම් මධ්‍යස්ථානය අමතා එම ගාස්තුව මාස 12 වාරික සැලසුමක් වෙත මාරු කිරීමේ හැකියාව ඇත. කාඞ්පත් හිමියන්ට ගනුදෙනු 3ක් දක්වා මෙම සැලසුමට මාරු කිරීමට හැකිවේ.
මෙම සුවිශේෂී සහන ක්‍රමය 2020 ජුනි 1 සිට 2020 ජුලි 31 දක්වා ක්‍රියාත්මක වේ. කාඞ්පත් හිමියන්ට මෙමඟින් ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම මිලදී ගැනීමක් සිදුකිරීමේ අවස්ථාව සැලසෙන අතර පවතින තත්ත්වය තුළ සැලකිය යුතු මූල්‍ය සහනයක් ලබා ගැනීමටද මෙය මහඟු පිටුවහලක් වනු ඇත.
මෙම සුවිශේෂී සැලසුම හඳුන්වා දෙමින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඞ්පත් අංශ ප්‍රධානී නිලූක ගුණතිලක මහතා පැවසුවේ, ‘මිලදී ගැනීම් සඳහා වාරික ගෙවීමේ සැලසුමක් හඳුන්වාදීම තුළින් අප බලාපොරොත්තු වූයේ අපගේ කාඞ්පත් හිමියන්ට මූල්‍ය ස්ථාවරත්වයක් ළඟාකර දීමට සහ ලෝකයේ ඕනෑම තැනක සිට අමතර ගාස්තුවක් නොමැතිව ඕනෑම මිලදී ගැනීමක් පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව සලසා දීමයි.’ යනුවෙනි.











