• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ලෝකෙම හොල්ලපු ආයුධ හදපු පැරැණිම ගම

August 28, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
ලෝකෙම හොල්ලපු ආයුධ හදපු පැරැණිම ගම
Share on WhatsAppShare on Facebook

ගම්පොළ නගරයට පැමිණෙන්නකුට දැකිය හැකි හාත්පස දර්ශනය කඳුවලින් වටවී ගිය අසීමාන්තික වූවකි. අම්බුළුවාව කුලුන එහි විරාජමානව සමීපතමව දැකගත හැක්කකි. හන්තාන දොළොස්බාගේ අටබාගේ කඳූ පන්තිවලින් නගරය වටා අහස් කුස ආවරණවී පවතී.
සුමේධ, ඉසුරු, රංගනා අක්කා, ඉසුරි අක්කා, මයුරි අක්කා සහ මාද ඇතුළුව අප කණ්ඩායම උදෑසන 04ට කොළඹ කොටුවෙන් පිටත්වී පේරාදෙණියට පැමිණ නැවත ගම්පොළට පැමිණෙන විට උදෑසන 08ට ආසන්න විය. ගම්පොළින් කුරුඳුවත්ත බස් රථයට නැඟි අප දොළොස්බාගේ කඳුපන්තිය වෙත ගමන් කළෙමු.

දොළොස්බාගේ කඳුපන්තියේ උසම කන්ද වනුයේ කබරගලයි. එය මීටර 1,500ක පමණ උසින් යුක්ත වේ. එහි දෙවැනියට උසම කන්ද වනුයේ රාක්ෂගලයි. උස මීටර 1,438කි. කිනිහිර කන්ද, පත්තිනි අම්මා කන්ද, වංගෙඩි මෝල්ගස් කන්ද ලෙස ප්‍රාදේශීයව ව්‍යවහාර වන්නේද මෙම කන්දයි. රාවණාට ආයුධ සෑදූ ස්ථානය වූ නිසා කිනිහිර කන්ද වන්නට ඇතැයි ජනප්‍රවාදයේ කියැවේ.

මඟ දෙපස දර්ශනය ගමන් විඩාව නිවාලනසුලු වුවද ගම්පොළ නගරයේ සිටම පැවැති පොද වැස්ස නම් හිත්වලට ගෙනදුන්නේ කනස්සල්ලකි. අද නම් වැඬේ හරි. කූඩැල්ලෝ නාලා එතෑකි. කෙසේ වුවත් රාක්ෂාව හන්දියෙන් බස් රථයෙන් බහින විට වැස්ස නැවතී තිබීම සියල්ලන්ගේ සතුටට හේතුවිය.

අසල කඩයකින් කෑමට සුළු දෙයක් රැගෙන අපි රාක්ෂගල ගමන ආරම්භ කළෙමු.
රාක්ෂාව හන්දියෙන් රාක්ෂාව තේ කර්මාන්ත ශාලාවට අයත් තේ වතු අතරින් කර්මාන්ත ශාලාව වෙත ගමන් කිරීමෙන් අනතුරුව සැබැවින්ම ගමන ආරම්භ වේ. කබරගල පෙනෙන මානයෙන් යන ගමන ආශ්වාදය ගෙනදෙන්නකි. මඟ දෙපස කුඩා දියඇලි පැවැතීම නෙතට රසඳුනකි. කෙසේ වුවත් අපේ ගමන වර්ෂා කාලයක යොදාගෙන තිබීම තරමක අවදානමක්ද විය. නිතර නිතර නායයනසුලු ආකාරයක් දක්නට ලැබුණු ප්‍රදේශ පසුකරමින් කුඩා වතු නිවාසවලින් ජනාවාස අවසන් වන තැනකට අප පැමිණ සිටියෙමු.

“අයියේ කන්ද උඩට ලේසියෙන් යන්න පුළුවන් කොහොමදැ”යි අපි එහි සිටි දමිළ සහෝදරයකුගෙන් විමසුවෙමු. “ගොඩ කාලෙකින් කවුරුවත් ගියේ නම් නෑ. ඒත් පාර හොයාගෙන යන්න පුළුවන්. වල් වැදිලා ඇති. මේ මන්නේ අරන් පාර හදාගෙන යන්න” ඔහුගෙන් ලැබුණු මාර්ගෝපදේශනයෙන් පසු අපි ඉක්මනින් නැවත ගමන් ආරම්භ කළෙමු.
මඳ දුරක් ගිය විට රතුපැහැ සලකුණුවලින් වනය තුළට පිවිසෙන ලකුණු පෙන්වා තිබිණි. වනය තුළ කූඩැල්ලන්ගෙන් බේරීමට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. පැයකට ආසන්න ගමනකින් පසු එළිමහන් තෙත් පතන බිමක් හමුවිය. ඒ ස්ථානයේ සිට කිනිහිර ගලේ අපූර්ව දර්ශනයක් දැකගත හැකිය. මොහොතක් එහි රැඳී සිට නැවත ගමන ආරම්භ කළෙමු.

එතැන් සිට පාර අපැහැදිලි වන්නට විය. කූඩැලි රාජධානියකි. මන්නය දුන් මිත්‍රයාට පින් දෙමින් ගමන් මාර්ගය පාදාගනිමින් ඉදිරියට ගමන් කළෙමු. තවත් විනාඩි 15ක පමණ ගමනකින් මුදුන ආසන්නයට පැමිණියත් මාර්ගය වසාගෙන තිබුණු බට පඳුරු යාය හේතුවෙන් ගමනේ දුෂ්කරත්වය තීව්‍රවීම ඇරැඹිණි. කූඩැල්ලන්ගෙන් බේරෙමින්, ප්‍රපාතය අද්දරින් සිහින් වැහිපොදේ මීදුම් අතරින් මීටර 200ක පමණ දුරක් අප බඩගාමින් ගමනේ ඉලක්කය වෙත ළඟා වුණෙමු.
දුෂ්කරත්වයෙන් අනතුරුවද අප රාවණගේ කම්මලට පැමිණ සිටියෙමු. හාත්පස වසාගත් මිහිදුම් සේලය ලබාදුන්නේ ගුප්තමය ආශ්වාදයකි. සැබැවින්ම අමුතු භයංකර හැඟීමක් කාටත් ඇතිවී තිබිණි.

මීදුම් රොටුව ඉවත්ව යෑමත් සමඟ දුටු දර්ශනය තවමත් සිතෙහි ආදරණීය සැමරුම් ලෙස සනිටුහන්ව තිබේ. සැබැවින්ම එය එතැනට ගොස්ම නැරඹීම සුදුසුය. හෝරා එකහමාරක් පමණ වශීකෘතව එහි සැරිසැරූ අප නැවතත් ගමන ආරම්භ කළේ ආපසු වෙනත් දිනයක කබරගල මුදුනට පැමිණීමේ අදහසිනි.

අකිල දහනායක

SendShareShare
Previous Post

කවුරුත් නැතිව තනිවුණු ලංකාවේ කුඩාම ගම

Next Post

අවුරුදු 5000ක් පැරැණි කුරුල්ලන් බලන්න කුරුල්ලන්ගලට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.