• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයිස්ම තමයි! ටැල්ක් පවුඩර් එකත් තිබිලා! රස පරීක්ෂක තහවුරු කරයි! ආපු තැන්-ගියපු තැන්-ගිය හැටි ඔක්කොම හෙළිවෙයි!  I Sri Lanka Latest News

September 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මිද්දෙණියේ වළලා තිබූ අයිස් කන්ටේනර් 2ක ගැන අමෙරිකානු බුද්ධි අංශ කන්ටේනර් අංකත් එක්කම ගිය අවුරුද්දේ මෙරටට දැනුම් දීලා! නාකොටික් එකත් කල්තියා ඔත්තුව දීලා! කන්ටේනර් 2 අරන් ගිහින් තියෙන්නේ බාස් කෙනෙක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දු­නී­සි­යාවේ සිට අල්ලා­ගෙන ආ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොර­තුරු මත විම­ර්ශන පවත්වා බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මිද්දෙ­ණියේ ස්ථාන දෙක­කින් සොයා­ගත් සුදු පැහැති කැට සහ කුඩු විශේ­ෂය පරීක්ෂා කළ රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා එහි මෙතැ­න්පි­ට­මින් නොහොත් අයිස් සහ ටැල්ක් නමැති පාෂා­ණය ඇතැයි තහ­වුරු කර තිබේ.Sri Lanka Latest News

ඒ සම්බ­න්ධ­යෙන් වූ වාර්තාව පසු­ගිය 15 වැනිදා දාත­මින් වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාගේ අත්ස­නින් යොමු­කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරි, නීති­වේදී උදය කුමාර වුට්ලර් මහතා ද මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් පෙරේදා (20) සඳ­හන් කළේ මිද්දෙ­ණි­යෙන් සොයා­ගත් ද්‍රව්‍ය අයිස් බවට රජයේ රස පරී­ක්ෂක විසින් තහ­වුරු කර­මින් වාර්තාව නිකුත් කර ඇති බවයි.

අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස ප්‍රාදේ­ශීය සභා­වට මෙවර ශ්‍රී ලංකා පොදු පෙර­මු­ණෙන් තරග කළ සම්පත් මන­ම්පේරි නමැති අයට අයත් බව කියන මිද්දෙ­ණිය, තලාව, කාරි­ය­ම­ඩිත්තේ ඉඩ­මක සහ එම ප්‍රදේ­ශ­යේම තවත් ස්ථාන­ය­කින් සුදු පැහැති කැට සහ කුඩු විශේ­ෂ­යක් බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් සොයා ගන්නේ පසු­ගිය 06 වැනි­දාය. ඒ බැකෝ සමන් විසින් හෙළි කළ තොර­තුරු මත ඉරා­න­යෙන් මෙර­ටට රැගෙන ආ සැක­ක­ට­යුතු කන්ටේ­නර් දෙකක් සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යේ­දීය. ඉකුත් වසරේ අග මෙර­ටට ආ එම කන්ටේ­නර් දෙකේ මත්ද්‍රව්‍ය ඇතැයි ජාත්‍ය­න්තර බුද්ධි අංශ මඟින් මෙර­ටට දැනු­ම්දී­මක් ද කර තිබී ඇත. ඒ අනුව එම කන්ටේ­නර් දෙක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යත්, රේගු­වත් දැඩි පරී­ක්ෂා­ව­කට ලක්කර මුදා­හැර ඇත්තේ එහි මත්ද්‍රව්‍ය නොමැති බව තහ­වුරු කිරී­මෙන් අන­තු­රුව බව සඳ­හන්ය. එම කන්ටේ­නර් දෙකේ ඇතැයි රේගුව පවා තහ­වුරු කර තිබුණේ ටැල්ක් නමැති පාෂාණ විශේ­ෂය බවයි. මේ පාෂා­ණය මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය මෙන්ම මත්ද්‍ර­ව්‍ය­යක් ලෙස භාවිත නොක­රන බව රේගුව තහ­වුරු කර තිබිණි. රේගු පරී­ක්ෂා­වෙන් අන­තු­රුව මේ කන්ටේ­නර් දෙක පසු­ගිය ජන­වාරි 27 වැනිදා නිද­හස් කර­ගැ­නී­මෙන් පසු රැගෙන ගොස් ඇත්තේ මිද්දෙ­ණි­ය­ටය. එම කන්ටේ­නර් දෙක සහ එහි ඇති භාණ්ඩ සුරැ­කිව තබා ගැනීමේ වග­කීම පැවරී ඇත්තේ දේශ­පා­ලන බල­ව­තෙක් වූ සම්පත් මන­ම්පේ­රිට බව ද බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් හෙළි­කර ගත්තේය. ඒ අනුව ඔහු සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ වීමත් සමඟ උන්හි­ටි­තැ­න්ව­ලින් අතු­රු­දන් වන්නේ කන්ටේ­නර් දෙකේ තිබූ සුදු පැහැති ටැල්ක් පාෂා­ණය බව සඳ­හන් ද්‍රව්‍ය ඔහුට අයත් මිද්දෙ­ණියේ පිහිටි ඉඩ­මක වළ දමාය. එයින් කොට­සක් ඒ කිට්ටුව තවත් ස්ථාන­යක හලා තිබී පසුව සොයා ගත්තේය. විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වූ තොර­තුරු මත බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් කන්ටේ­නර් දෙක මෙන්ම එහි වූ සුදු පැහැති කැට සහ කුඩු වළ දැමූ මිද්දෙ­ණියේ ඉඩම ද සොයා ගත්තේය. එම ස්ථානය හාරා පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව මුලින්ම එහි ගෙන්වන්නේ අන්ත­රා­ය­කර ඹෟෂධ පාලන ජාතික මණ්ඩ­ලයේ රසා­ය­නා­ගාර පරී­ක්ෂ­ක­ව­රුන්ය. ඔවුන් එම ස්ථාන­යෙන් සාම්පල් 20ක් ලබා­ගෙන පව­සන්නේ එයින් 05ක මෙතැ­න්පි­ට­මින් නොහොත් අයිස් ඇතැයි පෙන්නුම් කරන බවයි. වැඩි­දු­ර­ටත් එම සාම්පල් විද්‍යා­ගාර පරී­ක්ෂා­වක් සඳහා යොමු කළ යුතු බව කියැ­විණි. ඒ අනුව එම සාම්පල් විද්‍යා­ගාර පරී­ක්ෂා­වක් සිදු කර අන්ත­රා­ය­කර ඖෂධ පාලන ජාතික මණ්ඩ­ලය විසින් සිය වාර්තාව නිකුත් කරන්නේ සාම්පල් 20න් 17කම මෙතැ­න්පි­ට­මින් නොහොත් අයිස් ඇති බවයි.

රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ද පසුව එහි පැමිණ ස්ථාන දෙකෙන්ම සාම්පල් ගෙන විද්‍යා­ගාර පරී­ක්ෂා­වක් සිදු කර ඇත. පසු­ගිය 15 වැනිදා දාත­මින්, වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට යොමු­කර ඇත්තේ එම වාර්තා­වයි. ඊට අනුව මේ ස්ථාන දෙකේ මෙතැ­න්පි­ට­මින් මෙන්ම ටැල්ක් පාෂා­ණය ද තිබෙන බව සඳ­හන්ය.

මේ සැක­ක­ට­යුතු කන්ටේ­නර් දෙක ඉරා­න­යෙන් මෙර­ටට එවා තිබුණේ ද ඒ තුළ ටැල්ක් පාෂා­ණය ඇතැයි සඳ­හන් කර­මිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මෙන්ම රේගුව ද මේ කන්ටේ­නර් දෙක පරීක්ෂා කර මුදා හරින්නේ එහි ටැල්ක් පාෂා­ණය ඇති බවත්, වෙනත් කිසි­වක් නොමැති බව තහ­වුරු කිරී­ම­කින් බව සඳ­හන්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන් මෙන්ම රේගුව ද ඔවුහු සතු මත්ද්‍රව්‍ය හඳු­නා­ගැ­නීමේ උප­ක­ර­ණ­ව­ලින් සාම්පල් පරී­ක්ෂා­වක් සිදු කළ බව සඳ­හන් කරති. එහිදී ඒ තුළ මත්ද්‍රව්‍ය කිසි­වක් ඇතැයි තහ­වුරු නොවීම සහ එම කන්ටේ­නර් දෙක නිද­හස් කිරීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ද විශේෂ පරී­ක්ෂ­ණ­යක් මේ වන ආරම්භ කර ඇත. ඒ අතර මිද්දෙ­ණියේ ස්ථාන දෙක­කදී හමු වූ මේ සුදු පැහැති කුඩු සහ කැට සම්බ­න්ධ­යෙන් විම­ර්ශන භාරදී ඇත්තේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­ය­ටයි. රස පරී­ක්ෂක වාර්තා­වට අනුව අයිස් සහ ටැල්ක් හැරු­ණු­කොට මේ තුළ වෙනත් කිසිදු ද්‍රව්‍යක් අඩංගු බව සඳ­හන්ව නැත. මෙතැ­න්පි­ට­මින් නොහොත් අයිස් යනු අව­සන් නිෂ්පා­ද­න­යකි. රසා­ය­නික සංයෝ­ජ­න­යක් මඟින් මෙතැ­න්පි­ට­මින් නොහොත් අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කරති.

කඳා­නෙන් ද මෙවැ­නිම සුදු පැහැති කුඩු සහ කැට පොලී­සිය සොයා ගත්තේය. එම කැට සහ කුඩු­වල සාම්පල් ද රජයේ රස පරී­ක්ෂක වෙත යොමු­කර ඇත. එහි වාර්තා මෙතෙක් නොලැ­බුණු බව පොලී­සිය සඳ­හන් කරයි.

ඉරා­නයේ සිට රැගෙන ආ කන්ටේ­නර් දෙකේ සුදු පැහැති කුඩු සහ කැට තිබී ඇත්තේ විශාල උර­ව­ලය. උර 20 බැඟින් කන්ටේ­නර් දෙකේ උර 40ක් තිබී ඇති බව සඳ­හන්ය.

එම උර­ව­ලින් 06ක් ට්‍රක් රථ­යක පටවා නුව­ර­එ­ළි­යට රැගෙන ගිය බවත්, පසුව එම සුදු ද්‍රව්‍ය නුව­ර­එ­ළියේ සිට කඳානේ නිවෙ­ස­කට පසු­ගිය අගෝස්තු මාස­යේදී රැගෙන ආ බවත් අනා­ව­ර­ණය වී ඇත. කඳානේ නිවෙස අගෝස්තු මාස­යේදී මට්ට­ක්කු­ලියේ පදිංචි පුද්ග­ල­යෙක් විසින් කුලි­යට ගෙන සිය බිරිය හා දරුවා සමඟ පදිං­චිව සිට සැප්තැ­ම්බර් 05 වැනිදා නිවෙස් හිමි­යාට යතුර භාරදී අතු­රු­දන්ව ඇත්තේ සුදු පැහැති කැට ගෙමි­දුලේ මල් පාත්ති තුළ දමාය. ඒ අතර සුදු පැහැති කුඩු අසල වෙල්යා­යක දමා තිබී ඇත. මේ ස්ථානය ගැන තොර­තුරු අනා­ව­ර­ණය කර­ගන්නේ කළු­තර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසිනි. ඒ, ඉන්දු­නී­සි­යා­වෙන් අල්ලා­ගෙන පැමිණි සැක­ක­රු­වෙක් වන පාන­දුරේ නිලංග නමැ­ත්තාගේ ගෝල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමු­වේ­දීය. එම සැක­ක­රු­ගෙන් හෙළිවූ තොර­තුරු මත කෙරුණු දීර්ඝ විම­ර්ශ­න­ය­කදී තවත් කිහිප දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත් කළු­තර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් හම්බ­න්තොට නිවෙ­සක් පරීක්ෂා කර අයිස් නිෂ්පා­ද­නය කිරී­මට යොදා ගන්නා බව සඳ­හන් රසා­ය­නික ද්‍රව්‍යක් පුර­වන ලද බූලි 06ක් සහ භාණ්ඩ කිහි­ප­යක් සොයා­ගෙන තිබිණි. එම ස්ථානයේ මිද්දෙ­ණි­යෙන් හමු වූ සුදු පැහැති කුඩු සහ කැට හමු වී නොති­බිණි. එහෙත් අයිස් නිෂ්පා­ද­නය සඳහා යොදා ගන්නා උප­ක­රණ එහි තිබී සොයා­ගෙන තිබුණි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පවසා තිබුණේ එම නිවෙසේ අයිස් නිෂ්පා­ද­නය කළ බවයි. එම අයිස් අලෙවි කළ බව ද පවසා ඇත. ඒ සම්බ­න්ධ­යෙන් ද මේ වන විට විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලී­සිය සඳ­හන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

පිලිපීනෙත් පටන් ගනී! Sri Lanka Latest News

Next Post

මූඩීස්-ෆිච්-ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්! තැන් තුනම ලංකාව උඩට අරන් එයි!  I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.