මූඩීස්, ෆිච් සහ එස් ඇන්ඩ් පී යන ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම, මේ වන විට, ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. Sri Lanka Latest News
එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටිංග්ස්, පසුගිය සිකුරාදා දිනයේ දී, ශ්‍රී ලංකාවේ දිගුකාලීන හා කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘SD/SD’ (වරණීය පැහැර හැරීමේ) තත්ත්වයේ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නැංවූ බව නිවේදනය කළේ ය.
ෆිච් ආයතනය, 2024 දෙසැම්බරයේ දී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘RD’ සිට ‘CCC+’ දක්වා ඉහළ නංවා තිබුණි.
එමෙන්ම, මූඩීස් ආයතනයද, 2024 වසරේ දෙසැම්බරයේ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ‘Ca’ සිට වඩාත් ස්ථාවර ‘Caa1’ දක්වා ඉහළ නැංවීය.











