කුඩු අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත් මේ කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙහි බරපතල ගැටලුව වන්නේ මේ කන්ටේනර් 02 වරායෙන් එළියට ආවේ කෙසේද යන්න ගැටලුවක් බවත් ජාත්‍යන්තර බුද්ධි අංශ හරහා නිරතුරුවම අප රටේ කුඩු සහ කුඩු ව්‍යාප්තිය ගැන තොරතුරු ලබා දෙන බවත් මේ කන්ටේනර් 02 ගැනත් ජාත්‍යන්තර බුද්ධි අංශ අප රටට තොරතුරු දැනුම් දුන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එම තොරතුරු ලැබුණු දිනයත් එම තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂණ කළ අය මෙන්ම එම පරීක්ෂණ පැවැත්වූ කාලවකවානුවත් මෙම පරික්ෂණවලින් පසුවත් මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක නිදහස් වුවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග විපක්ෂ නායක කාර්යාලෙය් පැවැති සාකච්ඡාවකදීය.
මෙම කන්ටේනර් නිදහස් කළා නම් ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වූ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් එය රජයේ වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තර බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට පසු එම කන්ටේනර් හදුනා ගෙන පරීක්ෂා කරාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම කන්ටේනර් නිදහස් කිරීමට පදනම් වූ කරුණු මෙන්ම පසුගිය දා පරීක්ෂා නොකර එළියට දැමූ කන්ටේනර් 323ට මෙය අයත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.
එමෙන්ම මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් නිදහස් විම ගැන සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතු බවත් මේ කුඩු කන්ටේනර් නිදහස් වීම තුළ ප්‍රශ්න සහගත කරුණුවලට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව මත් රකුසා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පරාජය කරන්න කටයුතු කළ යුතු බවත් මේ ගමනේදී සත්‍ය තොරතුරුවලින් ජනතාව දැනුවත් කිරිම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය










