කොළඹ ආනන්ද විදුහලේවිදුහල්පතිවරයා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂක සරත් වීරසේකර මහතාගේ දේශපාලන වේදිකාවට නැගීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කරමින් දෙහිවල පදිංචි ඩබ්.ඒ ජයන්ත ඉල්ලා සිටින්නේ, එමගින් කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා ආයතන සංග්‍රහය සහ මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බැවින් විධිමත් පරීක්ෂණයක් සිදු කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ රජයේ වගකිව යුතු තනතුරක් දරන කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින සරත් වීරසේකර ට සහාය පළ කිරීම සදහා ඔහුගේ දේශපාලන වේදිකාවේ සිටිමින් සහාය පල කර ඇති බවයි.
“මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වගකිව යුතු තනතුරක සිටිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්. එම්. කීර්ති රත්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වඳින සරත් වීරසේකර මහතාට ජය තහවුරු කිරීම පිණිස නුගේගොඩ, ගංගොඩවිල (අටවෙනි සැතපුම් කනුව අසල) හයිලෙවල් පාරේ අංක 613/8 දරණ ඉසුරු සමරසිංහ මහතාට අයත් නිවසේ 2020 ජුනි 15 වන දින සවස 6.30 සිට පවත්වන ලද දේශපාලන වේදිකාවේ සිටිමින් සහාය පළ කර ඇත.”
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ පිටපත් සභාපති රාජ්‍ය සේවා කොමිසම, ලේකම් අධ්‍යාපන අමාත්‍යංශ සහ රාජ්‍ය කළමනාකරණ දෙපාර්තුමේන්තුව වෙතත් යොමු කිරිමට පැමිණිලිකාර ඩබ්.ඒ ජයන්ත කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සරත් වීරසේකරගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ආදී ආනන්දයන් විසින් පවත්වා ඇති රැස්විමේ ඡායාරූප සහ ආරාධනා පත්‍රයද පැමිණිලිකරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත.











