• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වලව්වේ බංගලි රෝස පඳුරු යටින් මොනරකුඩුම්බිය මල් හිනාවෙනවා! Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වලව්වේ බංගලි රෝස පඳුරු යටින් මොනරකුඩුම්බිය මල් හිනාවෙනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් කියන්නෙ ලංකාවෙ දේශපාලනයෙ චූඩාමාණික්‍යයද? නෑ. රනිල් කියන්නෙ ලංකාවෙ ප්‍රභූ දේශපාලනයෙ චූඩාමාණික්‍යය. රදල දේශපාලනයෙ අන්තිම පූර්ණ සාමාජිකයා. අන්න ඒ නිසා රනිල් කියන්නෙ ප්‍රභූ දේශපාලනයෙ නෂ්ටාවශේෂ රකින බහිරවයා. රනිල් නැතුව ගියාම මේක හේදිලා යනවා. ඒක හුඟක් අය දන්නවා, අනුර හරි හෝ වැරදි අනුර කියන්නෙ ප්‍රභූ දේශපාලනයේ මුර බල්ලෙක් නෙමේ. කිව්වත් නොකිව්වත් අනුරට තියෙන ඇරියස් එකක්. අනුර තඹුත්තේගම ගොවියගෙ පුතා. ඒක අපිට ‘පට්‍ට’ වුණාට වලව්වට ලොකු හිතේ අමාරුවක්. එයාලා හැමදාකම කළේ තම තමන්ගෙ එකා එක්ක අම්බිලියො පැන්න එක. තමන්ගෙ අම්බිලියා එහා පැත්තෙ එකාට දීලා, මෙයා අනිත් පැත්තට පනිනවා. එහාට මෙහාට පැන්නට අම්බිලිය තියෙන්නෙ තමන්ගෙ පන්තියෙ එකෙක් ගාව. ඒක පොඩි එකෙක්ට දෙන්නෙ නෑ. සෙල්ලම සාධාරණ බව පේන්නෙ පිටින් බකන් ඉන්න අපිට විතරයි. ඒ නිසා බයක් වෙන්න කාරණාවක් නෑ. මේකෙන් මහින්ද රනිල්වවත් රනිල් මහින්දවවත් අවුට් කරන්නෙ නෑ. මේක දෙපැත්තටම සාධාරණ සෙල්ලමක්.
ඒ සෙල්ලමට අනුරව ගත්තෙ නෑ. ටිල්වින්ව ගන්නෙත් නෑ. විජිතව, හඳුන්නෙත්තිව, බිමල්ව ගන්නෙත් නෑ. හැබැයි ‘හරිනි එනවා නම් ගන්නම්…’Sri Lanka Latest News

එයාලා ඒකට ඕකේ. ඒකයි රනිල් බලන්න හරිනි ගිය බවට කතන්දර කිව්වෙ. එයාලා දන්නවා ගන්නවා නම් ගැළපෙන්නෙ හරිනිව බව. ඒ නිසා මේ වෙලාවෙ පොඩි වල්වාසි ගන්න වැඩක් යනවා. ඒ තමයි හරිනිට ඉඟියක් කරනවා. ‘අපේ පරම්පරාව බේරගන්න එන්න’ කියලා. හරිනි ලංකාවෙ අගමැති මිසක් ජනාධිපති නෙමේ. ඒක හරිනිට දැනෙන්නෙ ඇරලා, හරිනිව ගලවා ගත්තා නම් වලව්වට සනීපයි. වලව්වෙ ඉස්සරහ දොර ඇරෙන්නෙ හරිනිට මිසක් අනුරලට නෙමේ. ද්‍රවිඩ සන්ධානයෙ වුණත් ඕක තමයි සෙල්ලම. සම්බන්දන්ට ආදරයෙන් දෑත් දිගු කළාට ශ්‍රීධරන්ව බදාගන්න මේ අය ආස නෑ. වේට්ටිය අඳින ශ්‍රීධරන් අයිති වලව්වට නෙමේ. ඉස්සර කෙහෙල්වත්තෙන් ආපු ආර්. ප්‍රේමදාසට මේ අය සැලකුවෙත් ඔහොමම තමයි. කුරුඳුවත්තෙ බංගලාවලට අලුත් අවුරුද්දට නෑගම් යන දේශපාලන නෑදෑයෝ දෙකට බෙදිලා තරග කළාට කාටවත් ඌයිය වෙන්න දුන්නෙ නෑ. පිට්ටනියෙදි රණ්ඩු වෙලා හෝටලේදී එකට කන ක්‍රිකට් ක්‍රීඩකයො වගේ එයාලා අවුරුදු ගානක් තිස්සෙ සෙල්ලම කරගෙන ගියා. උච්චි උච්චි තෝල් තෝල් කියලා ඕනෙ වෙලාවට පිල මාරු කරන්න එයාලා දැන ගෙන හිටියා. ගම්වල එවුන් ගහමරාගෙන රණ්ඩු වෙද්දි ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට ආදරය පාකරන්න දේශපාලකයො දැනගෙන හිටියා. දානෙට මඟුලට එකට සෙට් වුණු දේශපාලන නෑදෑයෝ රජ පුටුව පරම්පරාවෙ ඊළඟ එවුන් වෙනුවෙන් රැකගන්න ප්‍රතිඥා දීලා තිබුණේ.

ඇත්තටම තඹුත්තේගම තනි සිග්නල් කණුව යට ඉපදුණු ගොවියෙක්ගෙ පුතෙක් මේ සිස්ටම් එක නොකඩන්න අපිට වෙන්නෙ අත්පුඩි ගහන්න විතරයි. මේ සෙල්ලමට අපිව ගන්නෙ නෑ. අපිට එන්නත් බෑ. අපි එන්න අහන්නෙත් නෑ. ඉතින් හාමුලගෙ පුතාලා දුවලා ඕනෙම ජඩ වැඩක් කරන්න බය වුණේ නෑ. ඒකට හේතුව ජනාධිපති අංකල්ලා යාළුවන්ගෙ පුතාලට පස්ස පැත්තට කෝටුවෙන් ගැහුවට හුඟාක් රිදවන්නෙ නෑ. ඒ ගැහුවත් ආදරේට හදාගන්න බව ඒ පුතාලට අත්තම්මලා ලොයි බංකුවෙ ඉඳගෙන කියලා දුන්නා. ඩේසි ආච්චිලයි හාමු සීයලයි බහිරවයො වගේ පරම්පරා ගානක් තිස්සෙ ආත්ම මුර කළා. ලීස්තර වැටවල් ගහලා කොටු කරපු වලව් ආලින්දවල, ලොකු කළුවර කවිච්චිවල ඉඳගෙන රට ගැන තීන්දු ගත්තෙ අප්ප මහප්පලෑ දරුවො. වතුරට වඩා ලේ හුඟාක් ගනකම් බව ඒ සුදුපාට වලව්වල හිරවෙලා පැනගන්න බැරුව හිටපු ආත්ම අන්තිම වෙනකල් විශ්වාස කළා. රනිල් ඒ විශ්වාසයෙ අන්තිම පරම පවිත්‍ර හිමිකාරයා. එයාව හිරේ දාන්න කාටවත් බෑ. ඒකට හේතුව පරම්පරාවල ලේ උරුමය. පවුලෙ වැඩිහිටියෙක්ව රකින්න පොරොන්දු වෙන දූ දරුවන්ට කිරි අත්තගෙ මුරණ්ඩුකම ආදරෙන් ඉවසන්න වෙනවා. ඒකට හේතුව දරුවන්ට සෙල්ලං කරන්න බංගලා මිදුල හදන්න සීයා තරුණ කාලේ වෙහෙස වුණු හැටි වැඩිහිටියො කියලා දුන්න නිසා.

ඒත් ගොවියෙක්ගෙ පුතෙක්ට ඒක අදාළ නෑ. උන් හොරාකාපු බව බය නැතිව කියන තැනටම ආවෙ, කවදාවත් මේක පරම්පරාවෙන් පිටතට නොයන බවට තිබුණු පට්ට විශ්වාසය නිසා. මේ රටේ මිනිස්සුන්ට අවුරුදු කෝටියක් ගියත් වැඩවසම් ක්‍රමයෙන් ගැළවිලා වලව්වෙ ඉස්සරහ දොරෙන් ගෙට එන්න බෑ කියලයි රනිල්ලා හිතුවෙ.
‘එහෙම එකක් නෑ, වරෙල්ලා යන්න…’

කියලා උඹවයි මාව එක්ක ගිහිල්ලා වලව්වෙ ලොකු කළුවර උළුවස්සෙ මායිම පැන්නෙ තඹුත්තේගම ගොයියගෙ පුතා අනුර. අනුර කවිච්චියෙ ඉඳගන්නව ද ඒක පෙරළනවද කියන එක තීරණාත්මකයි. හරිනම් අනුර කරන්න ඕනෙ මේක තමයි. මේක එඩිතර වැඩක්. හරිද වැරදිද පවුද නැද්ද කියන එක වෙනම කතාවක්. අනුරට අදාළ වෙන්න ඕනෙ මේ එකක්වත් නෙමේ.

‘රනිල්ට අත තිබ්බොත් බලාගෙනයි…’ කියන හාමුලට එරෙහිව ඔහු පාවිච්චි කරන්න ඕනෙ නීතිය. අධිකරණයේ ස්වාධීන බව. ජනතා පරමාධිපත්‍යය. ඒවා වලව්වෙ කුස්සියේ දරමැස්ස යට හංගලා තියෙන තැනින් එළියට අරගන්න අනුරලට වගකීමක් තියෙනවා. මොකද අනුර නියෝජනය කරන්නෙ මේ රටේ මිලියන විස්සකට ආසන්න සාමාන්‍ය මිනිහගෙ කුලකය. ඒ කුලකය විශාල වැඩියි. උන් ඈතින් පේන වලව්වෙ හෙවැණැලිවලටත් බයයි. ඒ බය නැති කරලා අනුරට පුළුවන් රජ වෙන්න. හැබැයි ඒකට කෙටි පාර තියෙන්නෙ හාමුලට. ඒ පාර තෝරගත්තොත් අනුර පරම්පරාවක් පාවා දුන්න එකෙක් වෙනවා. වලව්වෙ ලොකු කළුවර කවිච්චියට අනුරව ගැළපෙන්නෙ නෑ කියලා දේශපාලකයො හැංගි හොරා කියන්නෙ, අනුරගෙ ඇඟේ මඩ තියෙන හින්දා නෙමේ. අනුරගෙ තාත්තයි අපේ තාත්තයි පිළිකන්නෙ ලී බංකුවෙ ඉන්දලා මඩක්කුවෙ කෑම තීබූ පරම්පරා මතකෙට. ඒ නිසා අනුර රනිල් හිරේ දාපු එක සංකේතාත්මකයි. ඒක ස්වයං වින්දනයක් බව කියන්නෙ වලව්වෙ ඉහළ මහලෙ ඉඳලා විස්කි තොලගාන උදවිය. ඒත් ඒක සාමාන්‍ය මිනිස්සුට පරමානන්දයක්.

‘ඇයි ඒ…?’
කෙනෙක් කියයි ඒක පරම්පරාව වෛරය කියලා. ඔව් ඒක හරි. උන් අපිට කෙළින්ම කිව්වා.
‘අපි මොනවා කළත් තොපිට කරන්න දෙයක් නෑ…’ කියලා. ඒක අපේ පරම්පරාවෙ එකෙක් බින්දා. නෑ අපි හාමුව හිරේ දාලා පෙන්නනවා කියලා ඔප්පු කළා. ඒක කළේ නීතිකව. ඒක කළේ ඇරියස් එකකට නෙවේ. වැරදි හම්බෙන පිළිවෙළට නොම්මර ලැබෙයි. බස්තම බිම තියලා එන්න. මේ මල් පිපෙන කාලෙ. වලව්වෙ ලොකු බංගලි රෝස පඳුරට යටින් මොනරකුඩුම්බිය මල් හිනාවෙනවා.

අනුර සහෝදරයා, දේශපාලනය වෙනයි. මේවා වෙනයි. අපි ඉන්නවා, කඩපං මේ සිස්ටම් එක. ගහපං කුඩු වෙන්න. ඔය උස ඇති. මේක ඒ හැටි දිග පළල එකක් නෙමේ. හැම් බේකන් චීස් පුඩින් වගේ නෙමේ, හෙරළි පොළොස්, තිබ්බටු මැල්ලුං. නීත්‍යනුකූලව කෙරෙන ඕනෙම දේකදි අපි සැලියුට් කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විලියම් කුමරුයි සජිතුයි යාල කැලේ රැයක්! Sri Lanka Latest News

Next Post

සජිත් විපක්ෂනායක හැටියට දර්ශනයක්-ප්‍රතිපත්තියක් අනුව විපක්ෂය එකතු කරන වෑයමක ඉන්නවා! මහබැංකු හොරකම-බටලන්ද වධකාගාරය ගැන පරීක්ෂණ කළාට කමක් නෑ! එස්.බී. මුල්වරට සජිත් වර්ණනා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.