රාගම මහා දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත් සෙනසුරාදා දින(2025-08-16)දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. Sri Lanka Latest News
මෙහිදී රාගම මහා දේවාලයේ ප්‍රධාන දේව ගැති පොඩි සීයා සහා චූටි සීයා පැමිණි සිටි බැතිමතුන්ට ආශිර්වාද සහ සෙත් ශාන්ති කරමින් පූජාවල් රැසක් පැවැත්වුණි. 50 වන වරට පැවැති රාගම මහා දේවාලයේ දේව පූජා මංගල්‍යය බුදුගුණය මුල්කර බුද්ධ පූජාවෙන් ආරම්භ විය.
ඉන් අනතුරුව දෙස් විදෙස් රටවැසියන්ට සෙත් පතා ග්‍රහ දෝෂ ඉවත් වේවා කියා නවග්‍රහ පූජාවද පැවැත්වුණි.ඉන් අනතුරුව පිළිම වහන්සිවෙලා ස්නානය කර මල්මාලා වන්ද මල්ද පූජකර පලතුරු පූජාවල් පූජකර කපුරු පෙන්වා පූජාවල් පවත්වා දේව දානයද පූජා කර රටට ජාතියට ජනාධිපතිතුමා සහ රටේ පාලනය කරන පාලකයින්ට,ත්‍රිවිධ හමුදාවට,පොලිසියට සෙත් පතා පූජාව පැවැත්වුණි.බැතිමතුන්ගේ දියුණුව සඳහා මහා මාතාංගේෂ්වරි පූජාව පැවැත්වීම සහ මහා මාතාංගේශ්වරී සහ රාජතරංගනී රත්තරන් යන්ත්‍ර සමග කතරගම රන් දේව පිළිම වහන්සේ පෙරහැරකින් දේවාලයේ අවට වැඩම කිරීම මෙවර දේව පූජා මංගල්‍යයේ විශේෂත්වයකි.
එදින රාත්‍රියේ මහා බත් දන්සලද අඩු ආදායම් ලාභී පවුල් රැසකට ජලය,විදුලිය සහ ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය වව්චර් පත් ලබාදීමේ මහා පුණ්‍ය කර්මය සිදු කෙරුණි.




ප්‍රියන්ත හෙට්ටිගේ











