• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරයෙක්ට සූරයෙක්ට පොලිසිය බාරයි….! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වීරයෙක්ට සූරයෙක්ට පොලිසිය බාරයි….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1969 අවුරුද්දේ පෙබරවාරි මාසේ නව වැනිදා දොඩංගොඩදී උපත ලබපු වීරසූරිය ලියනාරච්චිගේ සමන් ප්‍රියන්ත 1988 දී පොලිසියට යනවා. 69 ඉපදිච්ච සමන් ප්‍රියන්තට 88 වෙද්දී වයස අවුරුදු 19යි. අවුරුදු 19න් පොලිසියට කොස්තාපල්වරයෙක් විදිහට සේවයට එකතු වෙන සමන් ප්‍රියන්ත ගැන තමයි අපි අද මේ කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ.Sri Lanka Latest News

සමන් ප්‍රියන්ත ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ දොඩංගොඩ නෑහින්න ද්විතීයික පාසලෙන්. අධ්‍යාපනයෙන් පස්සේ කළුතර ඥානෝදය මහා විද්‍යාලයට සමන් ප්‍රියන්ත ඇතුළු වෙනවා. 1989 අවුරුද්දේම ඔහු විශේෂ කාර්ය බළකායේ සන්නිවේදන අංශයේ සේවයට එකතු වෙනවා. පසුව අම්පාර කොට්ඨාසයේ අයත් සංගමන්කන්ද ප්‍රදේශයට ඔහු සේවය සඳහා පිටත් වෙනවා. 1990 වෙනකොට ප්‍රියන්ත වීරසූරියට පොලිස් රාජකාරියේ ඉන්න ගමන්ම උසස් පෙළ විභාගය ලියන්න පුළුවන් වෙනවා. ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දීලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙන්න වරම් දිනාගන්නේ උසස් පෙළ ප්‍රතිඵලවල හොඳම ප්‍රතිඵලයක් සහිතව. නමුත් ඔහු 1992 වෙනකොට තමන්ගේ වෘත්තීය ජීවිතයේ උපරිම ජයග්‍රහණයන් ලබන තැනට සමත් වෙනවා. ඔහු පරිවාස උප පොලිස් ලෙස සේවයට එකතු වෙනවා. කොස්තාපල්වරයෙක් ලෙස සේවයට එකතු වෙච්ච ඔහු, උසස් පෙළ ලියලා, විශ්වවිද්‍යාල වරම් ලබලා, නීති පීඨයට ඇතුළත් වෙලා ආයෙත් පොලිසියට එනවා.

ඔහු ඉතාම දක්ෂ නිලධාරියෙක් සහ ඉතාම දක්ෂයෙක් බවට හඳුනාගත හැකියි. 1993 ජූලි මාසයේ ඔහු නීති පීඨයට ඇතුළත් වුණු බව සඳහන් වෙනවා ඔහු පිළිබඳ කරුණු කාරණා හොයලා බලද්දී. නීති පීඨයේ සහ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු පසුව නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙනවා.

1999 වෙද්දී ඔහුට පුළුවන් වෙනවා ඔහුගේ ගමන තව ටිකක් ඉස්සරහට යන්න. ඔහු සහකාර පොලිස් අධිකාරී ධුරයට පත්වෙනවා, පරිවාස සහකාර පොලිස් අධිකාරී විදිහට. මේ කාලය ඔහුගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක කාලයක් වගේම රටටත් බොහොම වැදගත් කාලයක්. මොකද අපි දන්නවා ලංකාවේ දරුණු යුද ගැටුම් ඇවිළුණු කාලයක් තමයි මේ කියන කාලය.

මේ තරුණ ප්‍රියන්තට විවිධ අවස්ථවලදී දරුණු ගැටුම් අතරට මැදිවෙන්න පවා සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ දුරට යුද්ධය ඇවිලුණු කාලයක තමයි ඔහුට මේ තනතුරු තානාන්තර ලැබෙන්නේ. ඔහු පොලිසියට එකතු වෙන්නේ. සාමාන්‍යයෙන් රටේ පොලිස් සේවයට නැත්නම් ආරක්ෂක අංශවල සේවයට පුද්ගලයන් එකතු වෙන්නැති කාලයක තමයි ඔහුට මේ විදිහට එකතු වෙන්න සිද්ධ වෙන්නේ.

කොක්කෙළිය පොලිස් මුරපළේ ස්ථානාධිපතිවරයා විදිහට කටයුතු කරන්න ඔහුට වරක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේදී ඔහුට විශාල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු බවත් ඔහු පිළිබඳ හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණා. ඔහුත් සමග හිටපු කණ්ඩායමක්ම මියගිය අවස්ථාවක් ගැන අපි දැක්කා සඳහන් වෙලා තියෙනවා. නමුත් මේ සියලු දේවල් ජයග්‍රහණය කරමින් ඔහු ඉතාම අපහසු කාලයකින් පස්සේ දීර්ඝ ගමනක් යන්න සමත් වෙනවා. ඒ වගේම මේ සිදුවීම වෙන්නේ එල්.ටී.ටී.ඊ. පිස්තෝල කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන් 20 දෙනකු ඝාතනය කිරීමේ කතාව. ඔහු මඩකළපුව කොට්ඨාස භාර නිලධාරියා විදිහට පත්වෙලා ඉන්න කාලේ තමයි, අපි කියන කරුණු නිවැරදි නම් මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඔහුට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ඉතාම අස්ථාවර මඩකළපුවක් යළි ස්ථාවර කරන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් හමුදාවටත් වඩා ලොකු රාජකාරියක් පොලිසියට පැවරෙනවා යුද්ධ කාලේදී. හමුදාවට සිද්ධ වෙන්නේ සටන් කරන්න. සටන් කරලා ඔවුන්ට සිද්ධ වෙනවා සතුරන් මරලා දාලා ආපහු එන්න. එක්කෝ ඒ ප්‍රදේශය අත්පත් කරගන්නවා, නැත්නම් අතහැරලා දානවා. නමුත් සමහර වෙලාවට 100%ක් ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශවල තමන්ගේ පොලිස් රාජකාරිය නිවැරදිව සිද්ධ කිරීමේ වගකීම පොලිස් නිලධාරීන්ට පැවරුණා. අපි කවුරුත් පොලිසියට ඒ ගෞරවය තාම දෙන්නේ නැහැ. නමුත් අපිට මේ නිලධාරියා සම්බන්ධයෙන් කතා කරද්දී මේ කාරණය ආයෙත් මතක් වුණා.

කොහොම වුණත් මේ නිලධාරියා ඉතාම දක්ෂයෙක් විදිහට තමන්ගේ ගමන ඉදිරියට යනවා. ඔහුට සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව භාරගන්න සිද්ධ වෙනවා. ඔහුට පොලිස්පති ප්‍රශංසා ලැබෙනවා. 2010 අප්‍රේල් මාසේ වෙනකොට ඔහුට හයිටි රාජ්‍යයේ සේවයට යන්නට අවස්ථාව ලැබෙනවා. මේක ඔහුගේ ජීවිතයේ තවත් සුවිශේෂ අවස්ථාවක් වෙනවා. මේ හයිටි රාජ්‍යයේ කටයුතු ඉවර කරලා ඔහු ලංකාවට එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට පත්වෙලා, තනතුර ඉහළ නංවාගෙන. ආයෙත් 2016 මැයි 12 වැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුර භාරගන්නවා. 2020 වෙනකම්ම ඔහු එම තනතුර දරමින් කටයුතු කරනවා. ලංකාවේ දේශපාලන අස්ථාවර බවක් උදාවෙනවා.
පොලිස්පති සෙල්ලමක් පටන් ගන්නවා. පොලිස්පති තනතුර බරපතළ ගැටලුවක් බවට පත්වෙනවා. දේශබන්දු හිරේ යනවා. පොලිස් නිලධාරීන්ගෙ තනතුරු තාන්නමාන්න අභියෝගයට ලක්වෙනවා. ඒ සියල්ල අස්සෙ අලුත් පොලිස්පතිවරයෙක් පත්වෙනවා.

අපි දන්නවා මේක ලේසි කාර්යයක් නෙමේ. රට තියෙන තැනත් එක්ක හුඟක් දේවල් වෙනස් කරන්න වෙයි. රතිඤ්ඤා පත්තු කරනවා වගේ වෙඩි පත්තු වෙන අස්සෙ පොලිසියට කරන්න හුඟක් දේවල් තියෙයි.

කොහොම වුණත් පොලිස්පතිතුමනි,
සුබ කාලයක් උදාවේවා… රට රටක් කරන්න ඔබට ශක්තිය ලැබේවා….

‘මව්රට’ අපෙන් ඔබට සැලියුට්…

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විහිළුවක්! හරිනි රැජිනක්? මේ ගේන්න යන්නේ 82දී ගෙනා ධවල පත්‍රිකාවමයි! 2040ට ගැළපෙන පුරවැසියා මේකෙන් හදන්න බෑ! Sri Lanka Latest News

Next Post

පරමානු බෝම්බ මිලියන ගණනක බලයක්! ඩයිනෝසරයන් ඇතුළු පෘථිවියේ ජීවීන්ගෙන් 75%ක් විනාශ කළ මහා පිපිරුම! ජීවමාන සාක්ෂි අදටත් තියෙනවා! Sri Lanka Latest News

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.