හේන්පිටිගෙදර ඥානසීහ හාමුදුරුවෝ බණ්ඩාරනායක ඝාතනයෙන් පසු බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට ගෙන එන්න ඇයට බලපෑම් කළ හාමුදුරු නමකි. පසු කාලයක උන්වහන්සේ චීනය සමග සම්බන්ධකම් හදාගත්තේය. 1960-65 බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩු කාලයේ හාමුදුරුවෝ පොතක් ලියූහ. උන්වහන්සේ එම පොතෙක් කීවේ ලංකාව ඒකාධිපති පාලනයකට යායුතුයි කියාය. මේ පොතෙන් විපක්ෂය කැලඹුණි. චීන අගමැති සූ එනාලි මේ කාලය තුළ ලංකාවට ආ අතර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව චීනයෙන් තෑග්ගක් ලෙස දෙන්න පොරොන්දු විය. මේ කාලයේ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ශක්තිමත් විය. ඥානසීහ හාමුදුරුවන් සහ චීනය අතර සබඳතා හාමුදුරුවන්ගේ පොත සහ චීන අගමැති සංචාරය යූ.ඇන්.පී.ය ඇතුළු විපක්ෂය බයට පත් කළේය. ශ්‍රීලනිපයේ පත්‍රිකා චීන කොමියුනිස්ට් පක්ෂය මුද්‍රණය කොට ලංංකාවට එවන බවටද ආරංචි පැතිරුණි. යූ.ඇන්.පී.ය ඊට එරෙහිව මෙරට චීන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළේය. එසේම යූ.ඇන්.පී.ය එකල බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව දියත් කරපු කැම්පේන් එකේ චීනය ඇයගේ ආණ්ඩුවේ ඒකාධිපති සටන පිටුපස සිටිනා බවට චෝදනා කළේය. ඇය චීන අගමැති ලංකාවට ආ වෙලාවේ ත්‍රිකුණාමල වරාය බලන්න රැගෙන යෑමද ඉන්දියාව නොසන්සුන් කළේය. ඇය චීනයේ මෙන් ඒකාධිපති රතු ආණ්ඩුවක් හදන්න යන බවට විපක්ෂය කළ කැම්පේන් එක නිසා මහානායක හිමිවරු ඇතුළු භික්ෂුන්ද ආණ්ඩුවට එරෙහිව පාරට ආහ.Sri Lanka Latest News
මේ පරණ සිද්ධිය මතකයට එන්නේ පසුගියදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කරන ලද ප්‍රකාශය නිසාය. ඔහු චීනයට ගිය වෙලාවේ චීන නායකයන් හමුවූ වෙලාවේ ඔවුන් ලංකාව සංවර්ධනය කරන්න වසර 15ක් හෝ 20ක් ජවිපෙ ආණ්ඩුව බලයේ සිටිය යුතු යැයි තමාට පැවැසූ බව මාධ්‍ය හමුවකදී පවසා තිබිණි. ටිල්වින් හමුවූයේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ ප්‍රබලයන් හත්දෙනාගෙන් කෙනෙකි. ඔහු ටිල්වින්ට කළ ප්‍රකාශය ටිල්වින් ප්‍රසිද්ධියේ කීම හේන්පිටිගෙදර ඥානසීහ හාමුදුරුවෝ චීනය සමග සමීප සබඳතා පවත්වමින් ලංකාව ඒකාධිපති පාලනයකට යායුතු බවට පොතක් ලිව්වා වැනි කතාවකි. ටිල්වින් රහසිගතව කළ සාකච්ඡාව ප්‍රසිද්ධ කළේ චීනයේ අනුමැතිය ඇතිවද දන්නේ නැත. එහෙත් ටිල්වින් කළ ප්‍රකාශය නිසා චීනය ගැන ලංකාවේ ජනතාව අතර ඇතිවන්නේ වැරැදි මතයකි. චීනය ලංකාවේ ජවිපෙ පාලනය වසර 15ක් 20ක් තිබිය යුතුය යන ස්ථාවරයේ සිටිය යුතු යැයි හිතනවා වැනි මතයකි. ටිල්වින්ගේ ප්‍රකාශය නිවැරැදි කිරීම චීනයේ වගකීමකි.










