දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා බව මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් මහතා පවසනවා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කරමින් තෙන්නකෝන් මහතා පළකළ එම අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසක් පහත පළවේ.
‘දේශබන්දු තෙන්නකෝන් එළවන විවාදය සහ ඡන්ද විමසීම තිබ්බනේ. ඒ ඡන්ද විමසීමේදී 158ක් ඉන්න ජාතික ජන බලවේගයෙන් ඡන්දෙ දුන්නේ 153යි. පස් දෙනෙක් ආවේ නෑ ඡන්දෙ දෙන්න. ඒ තමන්ගේ පැත්තෙත් පහක් නැතිව තියාගෙන ඉන්නකොට දැන් සමගි ජන බලවේගය එකඟතාව පළකරලා තිබුණා මේකට ඡන්දෙ දෙන්න. අවසාන වතාවටත් මම කිව්වා දේශබන්දුගේ කේස් එකේදී සමගි ජන බලවේගයට විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනේ. හේතුව මොකක්ද? දේශබන්දු තෙන්නකෝන්ට ඉතා පහසුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා පොලිස්පති වෙන්න තිබ්බ අවස්ථාව ඇහිරුවේ සජිත් ප්‍රේමදාසයි කබීර් හෂීමුයි. එතැනින් තමයි මේ යුද්ධය පටන් ගත්තේ. අනිත් හුඟක් අය නැට්ට ගහගෙන බලන් ඉන්නකොට සජිත් ප්‍රේමදාසයි කබීර් හෂීමුයි මේකට බකට් එක දාපු නිසා තමයි දේශබන්දු තෙන්නකෝන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලැබුණේ නැත්තේ. රනිල් වික්‍රමසිංහ බලෙන් පත්කරන්නේ. එතකොට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නැතුව රනිල් මේක බලහත්කාරයෙන් පත් කළත්, මේක පිළිගන්න බෑ කියන විශාල ඝෝෂාව ඇතිවෙන්නේ, ආරම්භ වෙන්නේ එතැනින්.
සමගි ජන බලවේගය මුල සිටම දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ ස්ථාවරයක් ගත්තේ. ඒ කියන්නේ, දේශබන්දු ජනප්‍රිය වෙනකොට, ‘එයා ගැන මුකුත් කියන්න එපා’ කියලා, දේශබන්දුගේ ජනප්‍රියත්වය බිඳහෙළෙනකොට, එහෙම එකක් නෙමෙයි. මුල සිටම දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධ ස්ථාවරයක හිටියා….’










