• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගණිකාවක් වෙලා කෝච්චියට පැන්ණ ‘ගොළු හදවෙත්’ ධම්මි

July 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ගණිකාවක් වෙලා කෝච්චියට පැන්ණ ‘ගොළු හදවෙත්’ ධම්මි
Share on WhatsAppShare on Facebook

අනුලා කරුණාතිලක නම් වූ ලස්සන නිළි කෙල්ල ‘හදවත ගොළු කරගත් සුන්දර දම්මි’ ලෙස ගොළු හදවතෙහි රඟපාමින් එදා හැටෙ දශකයේ රිදී තිරය මිහිරියාවෙන් ඔකඳ කළාය. බොහෝ විට ලලනාවක සතු අවිහිංසක ප්‍රතිරූපය පිළිබිඹු කරන චරිතවලට මැදි වුවද වෙනත් පෙරළිකාර චරිත හමුවේ සිය රංගන ප්‍රතිභාව දියත් කරලීමට අනුලා පසුබට වූයේ නැත. ‘මොකද වුණේ’ සිනමා පටයෙහි ඇය රඟපෑ ගණිකාවගේ චරිතය එයට කදිම නිදසුනකි. ඉතින්… ගණිකාවකගේ චරිතය ගැන කතා කරන්නට මඳක් ඈත අතීතය වෙත දිව යන්නට අපට අවැසි විය. ඒ අවැසිතාවය මත ලස්සන අනුලාවිය සොයා අපට යන්නට වූයේ මාතර පුරවරයටය.
‘දම්මි’ගේ ලස්සන තවමත් එහෙමම ඔබේ මුහුණ සරනවා?
අයියෝ. මොනව කියනවද මේ. ඕවා ලියන්නත් එපා පත්තරේට. මට දැන් 74කුත් පිරිලා ඉවරයි. ලොකු මුණුබුරු මිණිබිරියො ඉන්න ආත්තම්මෙක් මම.
අපි ආවේ ඔබත් සමඟ මඳක් ඈත අතීතයට යන්නයි.
ගොළු හදවතේ දම්මි ගැන නම් මීට කලින් ‘මව්රට’ට කතා කළා මං හිතන්නේ.
අද ආවෙ ‘මොකද වුණේ’ චිත්‍රපටයේ ගණිකාව ගැන කතා කරන්නයි.
බොහොම ඈත අතීතයක්. එතකොට මට වයස 21යි. මං හිතන්නේ මම විවාහ වුණු අලුතම වාගේ තිර පිටපත අතට ලැබුණේ.
චකිතයක් දැනුණේ නැද්ද විවාහ වූ අලුත ගණිකාවකගේ චරිතයකට මැදිවෙන්න?
චකිතයක් දැනෙන්නෙ මොකටද? නිළියෝ ලෙස අප කරන්නෙ රඟපෑමක් පමණයි.
මහත්තය තහංචියක් දැම්මෙ නැද්ද?
අපොයි නැහැ. එයා මට නීති දැම්මෙ නැහැ කවදාවත්ම. හැබැයි විවාහයෙන් පස්සේ මට ලැබෙන හැම තිර පිටපතක් ගැනම මම මගේ මහත්තයා සමඟ කතාබහ කරලා තමයි තීරණ ගත්තෙ. ‘මොකද වුණේ’ චිත්‍රපටයත් එහෙමයි. දක්ෂ සිනමා විචාරකයෙක් වූ පියසිරි ගුණරත්න මහතා තමයි එය අධ්‍යක්ෂණය කෙරුවේ. හැමදාම වගේ අවිහිංසික පෙම්වතියව සිටි මට මේ ගණිකාවගේ චරිතය ලොකු වෙනසක් වුණා. පියසිරි මහත්තයා කිව්වා මේ කතා පුවත ගැන හිතනකොට ඔහුගේ මනසෙහි ඇවිදපු නිළිය මමයි කියලා. පස්සෙ ඉතින් මහත්තයා එක්කත් කතා කරලා ගිවිසුම අස්සන් කළා.
පළමු රූගත කිරීම මතකයිද ඔබට?
කවදාවත්ම අමතක නොවන තරමට මතකයි ඒ දර්ශනය. බෙන්තොටදී තමයි රූගත කිරීම් ආරම්භ වුණේ. පළමුවෙන්ම ගත්තෙ මගේ දුප්පත් සැමියා පොල් ගහකින් වැටිලා මියයන දර්ශනයක්. මට තිබුණේ අත දරුවත් කර පින්නාගෙන ඇවිදින් මිනිය බදාගෙන මහ හඬින් අඬන්නයි. බොරුවට අඬන්න පටන් ගත්තට සීන් එක ඉවර වෙනකොට මම මෙන්න ඇත්තටම අඬනවා. අන්තිමේදී මට මගේ කඳුළු නවත්ත ගන්න බැරිවුණා. ඒ දර්ශනය ගැන පියසිරි ගුණරත්න මහත්තයට හොඳ අගයක් දැනුණු බව මට එතුමගේ මුහුණ දැක්කම එදා වැටහුණා. හැබැයි අනේ… සීන් එක ඉවර වෙලා ඔළුව උස්සලා වටපිට බලනකොටයි මට මතක් වුණේ මගේ මහත්තයා මා එක්ක ආවා නේදැයි කියලා.
රසමුසු තැන් තව බොහෝම තිබුණලු රූගත කිරීම්වලදී?
ඇත්තටම ඒවා හරිම අපූරු අත්දැකීම්. ගණිකා වෘත්තියට යන්නට පළමුව මම ‘මොකද වුණේ’ චිත්‍රපටයේ හිඟන්නියක ලෙස රඟපානවා. පානදුර පැත්තෙ හිඟන කල්ලියකට තමයි මම මුලින්ම මැදිවන්නේ. ඔන්න ඉතින් මම පොඩි දරුවවත් වඩාගෙන මහ රෑ හිඟන තිප්පොළකට රිංගනවා. එයාලා දන්නෙ නැහැ මේක චිත්‍රපටයක් කියලා. කට්ටියම එකතු වෙලා මාව එළවන්න ගත්තා. කැමරා ආම්පන්න අටවලා තිබුණේ ඒ හරියමෙ උඩු මහලක නිසා කාටවත් මේක ෂූටින් එකක් කියන හැඟීම දැනුණෙ නැහැ. යාචකයන් හැමෝම එකතු වෙලා මාව එළවනවා මට කෑ ගහනවා. ඒ අස්සේ පොඩි දරුවත් අඬන්න ගත්තා. දැන් මේ සීන් එක ඉබේම රූගත වෙනවා. අන්තිමේදී කට්ටිය මට ගහන්න ලෑස්ති වෙනකොට තමයි හැමෝම දුවගෙන ඇවිදින් එයාලට කරුණු පැහැදිලි කළේ.
සමහර අවස්ථාවල පාරේ යන එන කට්ටිය ඔබේ ටින් එකට ඇත්තටම සල්ලි දැම්මලු?
ඇත්තටම එහෙම වුණානෙ. මහ දවාලේ කාෂ්ටක අවවේ ලේක්හවුස් වටරවුමෙයි, ගෝල්ෆේස් එකෙයි මම හිඟාකන කොට යන එන අය මගෙ ටින් එකට කාසි දැම්මා. මමත් ඉතින් එහෙමම හිටියා. කවුරු ඉතින් මාව අඳුනගත්තද කිළිටු රෙදි ඇඳගෙන නාවර පෙරාගත්ත දරුවෙක්වත් වඩාගෙන ඔලොගුවක් කරේ එල්ලාගෙන කොහොම හිතන්නද ඒ අය මම අනුලා කරුණාතිලකයි කියලා. කොහොමින් හරි ඒ දර්ශන හරිම තාත්විකව සිදුවුණා.
ගණිකාවක ලෙස රූගත කිරීම් කරන විට ඔබ එයට මුහුණ දුන්නේ කොහොමද?
බොහොම අපහසුවට සිදුවුණේ ඒ කොටස තමයි. හිතලා බලන්නකෝ ගණිකාවක ලෙස මගේ මහත්තයා ඉස්සරහා පුංචි සිදුවීමක් හරි රූගත කරනකොට මට කොයි තරම් නම් අපහසුතාවයකට මැදිවෙයැදි කියලා. හැබැයි මම හිටියේ යම් සීමාවක් තුළයි. ඒ සීමාව ගැන මම අධ්‍යක්ෂතුමා ඇතුළුව හැම කෙනකුවම දැනුවත් කරලයි තිබුණේ. අන්න ඒ නිසා එම සීමාව මත මට හැකි උපරිමය මම කළා.
සීමාසහිත ඉරක් මැද ඔබ කළ ඒ උපරිමය සාර්ථක වුණාද?
නැතුව. එය අති සාර්ථකව සිදුවුණා. එය අනුලා කරුණාතිලක කියන රංගවේදිනිය ගැන මා කරන පාරට්ටුවක් නෙමෙයි. බොහෝ විචාරකයන් ‘මොකද වුණේ’ චිත්‍රපටයෙහි කණිකාවට නොමඳ පැසසුම් පුද දුන්නා. ඒ වගේම 1970 හොඳම නිළියට හිමි විචාරක නොවන අංශයේ නියෝජනයක් හරහා මට හිමිවුණා.
ගණිකාවක ලෙස රඟපෑම ගැන ප්‍රේක්ෂකයන්ගෙන් ඔබ ලද ප්‍රතිචාරය?
ඉතාම ගෞරවනීය ලෙස ඔවුන් මට ප්‍රශංසා කළා. ගණිකාවකගේ චරිතය තුළ සීමාවන් සහිතව මා කළ රංගනය ගැන ඔවුන් පුදුමය පළ කළ අවස්ථා එමටයි. ඒ වගේම ‘මාතර මුදලාලි’ ගැන මෙහිදී අනිවාර්යයෙන් සිහි කරන්නටම ඕනෑ. ‘මොකද වුණේ’ චිත්‍රපටය නිෂ්පාදනයට උර දුන්නේ ඔහුයි.
මොකද වුණේ චිත්‍රපටයෙහි අවසන් දර්ශනය කවදාවත්ම ඔබට අමතක නොවන සිදුවීමක්ලු?
අප්පච්චියේ දැනටත් මතක් වෙන කොට ඇඟ හිරි වැටෙනවා. පොඞ්ඩක් එහා මෙහා වුණා නම් අනුලා කරුණාතිලකගේ සිනමා ජීවිතය වාගේම සැබෑ ජීවිතයටත් එදා තිත වැටෙන්න තිබ්බා.
කියන්නකෝ ඉතින් අගය නොකර අහන්න ආසයි අපිටත්?
අවසාන දර්ශනය තිබුණේ කළුතර හෝ පානදුර අවට. දරුවත් වඩාගෙන මම කෝච්චියට පැනලා මැරෙන කොටස රූගත කරන්න දැන් හැමෝම සූදානම්. අධ්‍යක්ෂතුමා මට කිව්වා හෙමින් හෙමින් දුවගෙන ඇවිත් අහවල් තැන නතර වෙන්න කියලා. මමත් දුවගෙන දුවගෙන ඇවිත් ඒ කියපු විදියටම නතර වුණා. කෝච්චිය එනවා මගේ ඉස්සරහට. මේක චිත්‍රපට රූගත කිරීමක් වුණත් මට බයක් දැනිලා ඇස් පියාගත්තා. එසැණින්ම වාගේ කවුදෝ මාව අතින් ඇදලා අහකට ගත්තා. මම ඇස් ඇරියා. මගේ මහත්තයා තමයි මාව අතින් ඇදලා අරගෙන තියෙන්නේ. ඒ මොකද? කෝච්චිය හදිසියෙම තිරිංග තද නොකරම මාවත් යටකරගෙන යන්න හදන බව මහත්තයට දැනිලා තිබුණා. එයා එදා ඒ විදියට මාව ඇදලා නොගන්න මාව දරුවත් එක්කම කෝච්චියට යට වෙන්න තිබුණා. කවදාවත් ඒ සිදුවීම මට අමතක වෙන්නේ නැති බව කියන්නම ඕනෑ.
‘මොකද වුණේ’ චිත්‍රපට පිළිසඳර නිම කරන්නටයි සූදානම. අවසාන වශයෙන් යමක් කියනව නම්?
මෑතකදී මුහුණු පොතේ පලවී තිබුණාලු යම් පෝස්ටුවක්. එහි සටහන්ව තිබුණේ ‘ගණිකාවන් ලෙස රඟපෑ අපේ ප්‍රවීණ නිළියෝ’ යන සිරස්තලයලු. එම සිරස්තලය යටතේ සිංහල සිනමාවේ ප්‍රවීණත්වයට පත් නිළියන් කිහිපදෙනකුගේ නම සමඟ මගේ නමද සටහන්ව තිබුණේ ‘මොකද වුණේ’ චිත්‍රපටයක රූප රාමුවක් සමඟයි. එය දුටු කිසිවකු මට දුරකතන ඇමැතුමක් දී කීවේ ‘මෙවැන්නක සටහනක් තැබීම ගෞරවනීය නොවන බවයි’. නමුත් ඒ මොහොතේ මම ඒ අයට කිව්වේ මෙවැනි චරිත ගැන ප්‍රේක්ෂකයනට අමතක නොවීම ගැන ආඩම්බර විය යුතු බවයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ටැටූ ගහලා නහය විදලා එයා දැන් හරි වෙනස්

Next Post

කරීනට තාම විස්සයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.