හොරණ නගර සභාව දින 14කට කල් තබා තිබේ.Sri Lanka Latest News
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුව වී ඇති බවද වාර්තා වේ.
මින් පෙර එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පසුගිය මස 01 වැනි දින සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව එම මැතිවරණ කොමිෂන් සභාව විසින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නව මන්ත්‍රීවරයෙකු එම ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත් කර එවා ඇත.
ඒ අනුව අද (12) පැවැති සභාවාරයේදී නව මන්ත්‍රීවරයා සහ ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයා යන දෙදෙනාම සභාවාරය සඳහා පැමිණ තිබේ.
එහිදී ඉල්ලා අස්වූ නගර සභා මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර නැවත මන්ත්‍රීධුරය ඉල්ලා ඇත.
ඒ අනුව ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ නගර සභාවේ සභාපතිවරයා විසින් සභාව දින 14ක කාලයක් සඳහා කල් තැබීමට පියවර ගෙන ඇත.










