චීන-අමෙරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කර තිබෙනවා.Sri Lanka Latest News
එහිදී චීනය සහ අමෙරිකාව අගෝස්තු 12 වන දින සිට ක්‍රියාමාර්ග කිහිපයක් සඳහා එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 දරණ විධායක නියෝගයේ චීන භාණ්ඩ සඳහා පැනවූ අතිරේක තීරුබදු සංශෝධනය කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඒ සමග ම, චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු පිළිබඳ කමිටුව පළ කළ 2025 වසරේ අංක 4 දරණ නිවේදනයට අනුව, අගෝස්තු 12 වැනිදා සිට අමෙරිකාවේ අතිරේක තීරුබදු පියවරයන්ට එරෙහිව අමෙරිකා භාණ්ඩ සඳහා පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු වන සියයට 24, දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට චීනය යළි පියවර ගත්තා.
තවද, අදාළ සෙසු භාණ්ඩ සඳහා සියයට 10ක තීරුබදු පනවනු ලැබුවා.
එමෙන්ම දෙපාර්ශ්වයේ ජිනීවා ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, අමෙරිකාවට එරෙහි තීරුබදු නොවන ප්‍රති-පියවර චීනය අත්හිටවනු හෝ අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.
මේ ඒකාබද්ධ නිවේදනය චීන-අමෙරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවේ තත්ත්වය පදනම්ව සම්පාදනය කර තිබෙනවා.
දෙපාර්ශ්වයේ ජිනීවාහි පැවැත්වූ ආර්ථික හා වෙළෙඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ස්ථාපිත වූ යාන්ත්‍රණික රාමුව යටතේ මෙවර සාකච්ඡාව කැඳවූ බවද චීන-අමෙරිකා ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.










