• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිසාවැව වෛද්‍ය මධ්‍යස්ථානයේදී අවුරුදු 70ක වෛද්‍යවරයෙක් 25 හැවිරිදි එක්දරු මවක් දූෂණය කරලා! අවුරුදු 15කට බරපතළ වැඩ ඇතිව හිරේ! ලක්ෂ පහළොවකුත් ගෙවන්න වෙයි! උතුරු මැද පළාතේ අධිකරණයක් ඓතිහාසික තීන්දුවක් දෙයි! I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි විසි පස් හැවිරිදි එක්දරු මවක දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි 70 හැවිරිදි වෛද්‍යවරයෙකු එම චෝදනාවට වරදකරු බවට අනුරාධපුර මහාධිකරණය තීන්දු කළේ ය.Sri Lanka Latest News

ඒ, ඊට අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් ඉදිරියේ ඊයේ (අගෝස්තු 11) යළි කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ, විත්තිකාර වෛද්‍යවරයාට වසර පහළවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලෙස ත් පැමිණිලිකාර මවට මුදලින් රුපියල් ලක්ෂ පහළවක වන්දියක් ගෙවන ලෙස ත් ය.

එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාර වෛද්‍යවරයාට තවත් වසර තුනක සිර දඬුවමක් ද විනිසුරුවරයා නියම කළේ ය.

ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකාර වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්න්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක් නියම කළේ ය.

විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් නගනු ලැබ ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය සමත්ව ඇති බව දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් පැවසීය.

ඒ අනුව, විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති ස්ත්‍රී දූෂණ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ය.

‘තීන්දුව ගැන විශ්මයට පත් වෙනවා’

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවීන්ද්‍ර අධිකරණය අමතමින් කියා සිටියේ, මෙම නඩු තීන්දුව පිළිබඳව තමා විශ්මයට පත් වන බව ය.

වසර 40ක පමණ කාලයක් රෝගීන් ලක්ෂ ගණනකට ප්‍රතිකාර කර ඇති සිය සේවාදාකයා මෙම වරද සිදු කර නොමැති බව නීතිඥවරයා අවධාරණය කළේ ය.

වරදකරු කෙරුණු වෛද්‍යවරයා කවුද?

මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ, අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ පදිංචි විජේකෝන් විජේරත්න නමැති 70 හැවිරිදි වෛද්‍යවරයෙකුට ය.

ඔහු මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර සිටියේ ය.

විත්තිකාර වෛද්‍යවරයා කලක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ රනවරාව රෝහලේ සේවය කර ඇත.

සිද්ධිය කුමක් ද?

2020 වසරේ ජනවාරි මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තිසාවැව පිහිටි විත්තිකාර වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට පැමිණිලිකාර විසි පස් හැවිරිදි එක්දරු මව පැමිණ තිබේ.

එහිදී විත්තිකාර වෛද්‍යවරයා ලූපය ඉවත් කිරීමට වැඩි වේලාවක් ගත වන බැවින් ඇයට මදක් රැඳී සිටින ලෙස දන්වා ඇති අතර පසුව ඔහු විසින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි සෙසු රෝගීන් පරීක්ෂා කර ඔවුන්ට ප්‍රතිකාර ලබා දී පිටත් කරනු ලැබ ඇති බව නඩු විභාගයේදී හෙළි විය.

අනතුරුව ලූපය ඉවත් කරන මුවාවෙන් ඔහු විසින් මෙම කාන්තාව දූෂණය කරනු ලැබ ඇති බවට අනාවණ විය.

විත්තිකරුට අධිචෝදනා

විත්තිකරු විසින් මෙම වරද සිදු කරනු ලැබ ඇති බවට නීතිපතිවරයා 1995 අංක 12 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහ පනතේ 364 (1) වගන්තිය යටතේ විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

අනතුරුව එම අධිචෝදනා අනුරාධපුර මහාධිකරණයේදී රජයේ අධිනීතිඥ ලක්මාලි දිසානායක විසින් විත්තිකාර වෛද්‍යවරයාට කියවා භාර දෙන ලද අවස්ථාවේදී පැමිණිල්ල විසින් තමාට එරෙහිව එල්ල කරනු ලැබ ඇති චෝදනාවට තමන් නිවැරදිකරු බව ඔහු නීතිඥ කාලිංග රවීන්ද්‍ර මගින් මහාධිකරණයට දැන්වීය.

අනුරාධපර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ.එන්.සී. සේනානායක, අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති, උපපොලිස් පරීක්ෂක එදිරිසිංහ සහ කාන්තා පොලිස් සැරයන් මල්ලිකා ඇතුළු නව දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටියේ ය.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර නඩුව වැඩිදුර විභාගය සඳහා මහාධිකරණය වෙත යොමු කෙරුණේ, නීතිපතිවරයා විසින් 2025 වසරේ අප්‍රේල් මස 21 දින විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබීමෙන් අනතුරුව ය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ ගිම්හානි හිරුණිකා පෙරේරා සමග රජයේ අධිනීතිඥ ගීත්මි රණතුංග පෙනී සිටි අතර විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවීන්ද්‍ර පෙනී සිටියේ ය.

උතුරු මැද පළාතේ අධිකරණයකින් අපරාධමය වරදකට විත්තිකාර වෛද්‍යවරයෙකුට මෙවැනි බරපතළ සිර දඬුවමක් නියම කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

BBC සිංහල

SendShareShare
Previous Post

අවුරුදු 32කට නොවුණු වැඩක් අනුර අද කරන්න යනවා!  I Sri Lanka Latest News

Next Post

මෙන්න මාර ප්‍රවෘත්තියක්! ඩයනා කංසා වගා කරන්න යෝජනා ගේද්දී උඩදාගෙන ගැහුවා! ඔන්න විදේශීය ආයෝජකයන් 7 දෙනෙකුට ගංජා වගා කරන්න අවසර දීලා! දැනටමත් මීරිගම අක්කර 64ක ඉඩමකුත් වෙන්කරලා! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.