පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ එවක සන්නද්ධ හමුදාවන්හිි සේනාධිනායකයා මෙන්ම ජනාධිපතිවරයා වශයෙන්ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බව අද (09) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ බුද්ධි අංශ නිලධාරියකු විසින් සාක්ෂි ලබා දුන්නේය.
2017-2019 කාලය තුළ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවය කළ යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ බව පැවසීය.
හෙතෙම කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කියමින් එම වගකීමෙන් මිදීමට මොවුන්ට හැකියාවක් නොමැති බවකි.
එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සබධතාව බිද වැටීමද මෙම ප්‍රහාරයට එක් හේතුවක් වූ බවද එම බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨයා කොමිසම හමුවේ සදහන් කර සිටියේය.











