• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 7කට පසු ව්‍යසන කළමනාකරණ සභාව අනුරගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි! විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

August 6, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ගමයි නගරයයි ලස්සනට සැලසුම් කරන්න අනුර සැලසුම් නිලධාරීන්ට එන්න කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවේ 14 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.Sri Lanka Latest News

ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව මෙවර රැස්වන්නේ වසර 07කට පසුව වීම විශේෂත්වයකි.

2004 වසරේ දී ඇතිවූ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබදව ඇතිවූ ජාතික අවශ්‍යතාවය මත 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කර ඇත. මෙම සභාව අවසන් වරට රැස්ව තිබෙන්නේ 2018 වසරේ අප්‍රේල් මස 05 වනදාය.

ආපදා කළමනාකරණය වෙනුවෙන් වගකිව යුතු සියලු ආයතන වෙත පැවරී ඇති කාර්යභාරය නිසි පරිදි අධීක්ෂණය කරමින් රට තුළ ආපදා අවදානම අවම කිරීමත් ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මගපෙන්වීමත් මෙම සභාව මඟින් සිදු කිරීමට නියමිතය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික හා පළාත් මට්ටමින් ආපදා අවදානම් සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම ‍ මෙම සභාව මඟින් සිදු කෙරේ. මෙම සභාවාරයේදී ආපදා කළමනාකරණ සැලසුම් හා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම ඉදිරිපත් කරන ලද අතර සභාව විසින් එය අනුමත කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා වූ අතර, මෙකී කටයුතු වෙනුවෙන් කේන්ද්‍රීය මෙහෙයුමක් සහිත එක් ව්‍යුහයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් කමිටුවේ අවධානයට යොමු විය.

වත්මන් දේශගුණික විපර්යාසයන් හමුවේ ව්‍යසන කළමනාකරණය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින්, නව අභියෝගයන්ට මුහුණ දීම සඳහා මේ වන විට ක්‍රියාත්මක පනත කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතු බවට කමිටුව විසින් තීරණය කරන ලදී.

එමෙන්ම, පැවැති ව්‍යසන කළමනාකරණය හා සහන සැලසීමට සම්බන්ධ මූල්‍යමය සීමාවන් සංශෝධනයටත්, නැවතී ඇති ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලදී.

වර්තමාන තත්ත්වයන්ට ගැළෙපෙන පරිදි ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ආපදා කළමනාකරණය සඳහා අරමුදලක් ඇති කිරීමටද යෝජනා කෙරුණු අතර ඊට සභාවේ අනුමැතිය හිමි විය.

අවදානම් නිවාස හඳුනාගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් එම නිවාසවලින් ජනතාව ඉවත් කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

නිවාස සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදලද වැඩිකිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යෝජනා කළේය.

තවමත් අවතැන් කඳවුරුවල සිටින ජනතාව පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ අවධානය යොමු වූ අතර බදුල්ල, පූනාගල පවුල් 58ක් තවමත් අවතැන් කඳවුරුවල සිටින බව මෙහිදී අනාවරණය විය.

එම පවුල් 58 අගෝස්තු මාසය අවසන් වීමට පෙර නැවත පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ. එම්. කපිල ජයසේකර මහතා කියා සිටියේය.

මෙම සභාවේ සභාපති ලෙස ජනාධිපතිවරයා ද, උප සභාපති ලෙස අග්‍රාමාත්‍යවරයා ද, විපක්ෂ නායකවරයා, අදාළ විෂයභාර අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් (හෝ ඔවුන් නොමැති විට ආණ්ඩුකාරවරුන්), සහ පාර්ලිමේන්තුවෙන් නම් කරන ලද මන්ත්‍රීවරුන්/විශේෂඥයින් පස් දෙනෙකු ද ඇතුළත් වේ. අවශ්‍යතාවය අනුව නිශ්චිත කාලයකට අමාත්‍යවරයෙකු සභාවට එක් කරගත හැකි බව ද සඳහන් වේ.

මෙම සභාවේ ලේකම්වරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිස් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත්කරන ලද අතර ඒ අනුව ඒ මහතා ඉදිරියේ දී ව්‍යසන කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

සභාවේ ප්‍රධාන කාර්යයන් 15ක් පවරා ඇති අතර, ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ද ඊට අයත් වන අතර, එය දැනටමත් සකස් කර සාමාජිකයන්ට ලබා දී ඇත. මෙම ප්‍රතිපත්තිය ජීවිත හා පරිසරය ආරක්ෂා කිරීම, පුනරුත්ථාපන කටයුතු, මහජනතාව දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ සහන ලබා දීම වැනි කරුණු ගණනාවක් එමඟින් ආවරණය කෙරේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිශාන්ත අබේසේන, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජාතික ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන අමාත්‍යවරුද, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, පළාත් ආණ්ඩුකාරවරු සහ ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවේ සාමාජිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-08-06

SendShareShare
Previous Post

ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට විශ්වාසභංගයක්! I Sri Lanka Latest News

Next Post

2002දී ජවිපෙ විරුද්ධ වුණා! 2024 පනත ප්‍රතිගාමී නිසා සජබය විරුද්ධ වුණා! අද මාලිමා ආණ්ඩුව ගේන පනතින් විදුලි ක්ෂේත්‍රයම දුර්දාන්තය කරා යනවා! 23000කගේ අයිතිවාසිකම් අනතුරේ! බලශක්ති මාෆියාවට මේ ආණ්ඩුවත් අහුවෙලා! වැරදි දත්ත මත සහස්දනවි ගිවිසුමට කැබිනට් අනුමැතිය දීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

Load More
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්,...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.