සජිත් ප්‍රේමදාස පිලේ කැරැලිකාර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස සැලකෙන සුජීව සේනසිංහ හා අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අද (27) පෙරවරු 11.00ට පක්ෂයේ විනය කමිටුව හමුවට කැදවා ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී දෙදෙනාට එරෙහිව මෙම විනය පරීක්ෂණය ආරම්භ වනු ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා පක්ෂයේ විනය නීති කඩකොට ඇති බව දැනටමත් තහවුරු වී ඇති නිසා දෙනොම පක්ෂයෙන් නෙරපා හරින තුරු මෙම විනය පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට යනු ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දැන් ඉරිදා මව්රට’ට පැවසීය.










