ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙන බව පසුගියදා පැවති එම ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රකාශ කරන ලදී.
මේ අනුව 2019 වර්ෂයේ වාර්තා කළ රු.බිලියන 7.1ක බදු පෙර ලාභය ඉක්මවා යමින් 2020 වසර සඳහා රු. බිලියන 8.2ක බදුපෙර ලාභයක් වාර්තා කරමින් 15% විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.
2019 වසර තුළ ජීවිත රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 14.8ක අගයක් ගන්නා අතර එහි වර්ධනය 12%ක් වේ. එමෙන්ම සාමාන්‍ය රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 18.9ක අගයක් වාර්තා කර තිබෙන අතර ඒකාබද්ධ ජීවිත හා ජීවිත නොවන රක්ෂණ වාරික ආදායමෙහි වර්ධනය 6.5%ක අගයක් වාර්තා කරයි. මෙම ඒකාබද්ධ ජීවිත හා ජීවිත නොවන රක්ෂණ වාරික ආදායම සඳහා ජීවිත රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 44%ක් වන අතර සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ දායකත්වය 56%ක් වේ.
රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කරමින් එම ක්ෂේත්‍රය තුළ ප්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු වාර්තාව අභිභවා යමින් 2019 වසර තුළදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු. බිලියන 7.6ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත්කිරීමට සමත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 10 මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 50ක අගයක් ගනී.











