ඉදිරි ජනාධිපතිවරණයට කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්යවරු 33 දෙනකු අද (26) සවස ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වූහ.
එහිදී අදහස් දක්වමින් මහාචාර්ය එම්. ඔ. ඒ. ද සොයිසා මහතා පවසා සිටියේ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සිය විශ්වවිද්‍යාලයේ අති බහුතරයක් වූ ආචාර්ය මණ්ඩලය ඔහුට සහා ලබා දීමට සූදානමින් සිටින බවකි.
මීට අමතරව අප පසුගිය සතියේ ‘දැන් ඉරිදා මවුරට’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් අනාවරණ කළ පේරාදෙණි සරසවියේ මතවිමසුම පිළිබදව අදහස් දක්වමින් මහාචාර්ය දුනුවිල මහතා කියා සිටියේ අදාළ මතවිමසුමට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි එකම අපේක්ෂකයා කරු ජයසූරිය මහතා බවයි.










