සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත්කර ගැනීමට අද (15) දිනයේදීද නොහැකි වී තිබේ.Sri Lanka Latest News
ඒ සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබේ.
මේ හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාව දින නියමයක් නොමැතිව කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර ඇත.
මින් පෙරද ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රැස්වූ අතර එහිදී සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද යන්න තීරණය කිරීම කොමසාරිස්වරිය සතු වීමත් ඇය විසින් සභාපතිවරයා තෝරා ගැනීම රහස් ඡන්දයකින් සිදු කිරීමටත් තීරණය කළාය.
ඊට විරෝධය පළ කරමින් එම අවස්ථාවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සඳහා විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගියේය.










