දඹාන රෝහලේ වෛද්‍යවරයකුට තරුණයන් පිරිසක් පහරදීමක් සිදුකර ඇති අතර එම අනාරක්ෂිත තත්වය තුල රෝහල වසා දමා ඇතැයි වාර්තාවේ.Sri Lanka Latest News
දඹාන ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට රැගෙන ආ තුවාලකරුවෙක් සමඟ පැමිණි පිරිසක් තමාට පහරදුන් බවට පවසමින් රෝහලේ වෛද්‍යවරයා මහියංගණ මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා 12 දින ඇතුලත්ව ඇත.
පසුගිය 12 දින සවස 3.30ට පමණ මහියංගණ පදියතලාව පාරේ, 50 කණුවල ඔරුබැඳි වැව ප්‍රදේශයේ, ”බේසම” නම් වූ ස්ථානයේ විනෝද වීම සඳහා ගොස් සිටි තරුණයින් පිරිසකගේ එක් තරුණයෙක් ගසක් උඩ නැග ජල තටාකයට පැන ඇති අතර අවසනාවන්ත ලෙස එම තරුණයා ජලතටාකයෙන් ඉවතට වැටී තුවාල ලබා ඇත.
තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ඒ ආසන්නයෙන් ඇති දඹාන ග්‍රාමීය රෝහලට ඇතුලත් කර ඇති තරුණයෙක් කඩිනමින් මහියංගණ මූලික රෝහලට මාරුකර යවන ලෙස ඔහු සමඟ පැමිණි තරුණ පිරිස ඉල්ලා ඇත.
ඒ මොහොත වන විට රෝහලේ ගිලන් රථ රියැදුරා සිට නොමැති අතර, මහියංගණ රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා රෝගියා මාරුකර යවන බව පවසා වෛද්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්ව යෑමට සැරසුණු මොහොතේ තරුණයන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාට තර්ජනය කරමින් පහරදී ඇති බව පැවසේ.
දඹාන රෝහලේ වෛද්‍යවරයා හෘද රෝගයක් සම්බන්ධයෙන් යන්ත්‍රයක්ද ශරීරයට බද්ධකර ඇති වෛද්‍යවරයෙක් වන අතර, මෙම පහරදීම හේතුවෙන් එම යන්ත්‍රවලටද හානි සිදුව ඇත්තේද යන්න පිළිබද වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වන්නේද යන්න සොයා බැලියුතු බව මහියංගණ රෝහල් වෛද්‍යවරයෙක් පැවසීය.
මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ආර්. විජේරත්න සිද්ධියට සම්බන්ධ පදියලාව සරණගම ප්‍රදේශයේ තරුණයන් 06 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම පිරිස අතර වෛද්‍යවරයා හට පහරදුන් තරුණයා නොමැති බව වෛද්‍යවරයා පවසා ඇති බව පැවසේ. සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් සොයා මේවන විට මහියංගණ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
අනතුරින් තුවාල ලැබූ තරුණයා මේ වන විට මහියංගණ මූලික රෝහලේ 08 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, පොලිසිය ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු මහියංගණ පොලිසිය මගින් සිදු කෙරේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA ) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පලකල අදහස් මතු දැක්වෙන වීඩියෝවේ පළවේ.










