ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ හා කොමන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා මැලේසියාවේදී අද (9) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ තොරතුරු මේ වනවිටත් ජාත්‍යන්තර පොලීසියෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.
අපරාධ කල්ලි නායකයෙකු වූ වන ගණේමුල්ල සංජීව කොළඹ උසාවි සංකීර්ණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ලවුණේ, මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහා කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනාටය.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිටත්, කොමාන්ඩෝ සලින්ද මැලේසියාවේ සිටත් එම ප්‍රහාරය මෙහෙයවා ඇති බවය.
ඒ අනුව පොලීසිය අදාළ අපරාධකරුවන් දෙදෙනාට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළේය.










