ඇප කොන්දේසි නිසියාකාරව පිළිපදින ලෙස තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලීට කොටුව මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කළා.Sri Lanka Latest News
සැකකාරිය ඇප කොන්දේසි කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමට අනුවයි මහේස්ත්‍රාත්වරිය මෙම අවවාදය සිදු කළේ.
ඒ තිළිණි ප්‍රියමාලි ඇතුලු කිහිපදෙනෙකුට එරෙහි නඩු කිහිපයක් අද(09) කැදවු අවස්ථාවේදීයි.
ව්‍යාපාර සඳහා බව කියමින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් ලබා ගෙන ඒවා යළි ලබා නොදී සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.










