• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අය තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට තෙල් ගේන්නයි යන්නේ! මොන ගොන් ආණ්ඩුවක්ද? බලශක්තිය ගැන මාලිමා ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නෑ! ලංකාවෙන් ගෑස් ළිං දෙකක් හමුවුණා! පුළුවන් නම් වැඩ පටන් ගන්න! මුළු රටම ගොඩයන වැඩක් චම්පික හෙළි කරයි! Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් බලය ලබාගැනීමට පෙර දේශපාලන වේදිකාවල දෙඩූ පුරසාරම් අද වනවිට බොරු බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. NEWS CENTER UNLIMITED යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු දැක්වූ එම අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘දැන් ඔය 78 අවුරුද්දක් මොකක්ද කළේ කිය කියා කෑගහනවනේ. අපි රටේ 100%ක් විදුලිකරණය කළා 2013දී. 2013 තමයි ඒ ඉලක්කය අපි සපුරා ගත්තේ. මතක තියාගන්න විදුලිබල මණ්ඩලය හදනකොට 7%යි තිබුණේ ලංකාවේ විදුලිය. එහෙම සාර්ථක ඉලක්ක කරගත්තා. ඒ වගේම අර 650 ඉලක්කය කරගත්තට අද වෙනකොට 1800ක් ඒ කියන්නේ Non- conventional Renewable Sources තියෙනවා. ඒකට වළ කපන්න තමයි දැන් මේ ආණ්ඩුව හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. අනුර දිසානායක පාලනය මේ හරිත බලශක්තියට ගහලා, රටේ බලශක්ති ස්වයංපෝෂිතභාවය බිඳදමලා, අර තෙල් ගල් අඟරු මත යැපෙන රටක් හදන්න. ඒක තමයි එයාගේ එකම ක්‍රියාවලිය.
අනිත් එක තමයි වැදගත්. මන්නාරම් ද්‍රෝණියෙන් සොයාගනු ලබන දේශීය ස්වභාවික වායුවලින් අවම වශයෙන් මෙගාවොට් 1000ක විදුලිබල ප්‍රමාණයක් උත්පාදනය කිරීම. දැන් අපි මේ වැඩපිළිවෙළ ඇරඹුවා. ඇත්තටම මේ වැඩපිළිවෙළ කාලයක් තිබිච්ච දෙයක්. මැතිනිගේ කාලෙත් තිබුණා. ඇත්ත වශයෙන්ම රනිල්ගේ සාම කාලයේ මේකට නෝර්වේජියානු සමාගමක් ඇවිල්ලා පර්යේෂණ කළා. ඒවායින් දත්ත හොඳට අපිට ලැබුණා. ඊට කලින් රෂියන් සර්වේ එකක් තිබුණා. ඒ දත්ත පසුව අපි මිලදී ගත්තා, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ. මමත් හිටියා ඒ කමිටුවේ. ඒ අනුව ටෙන්ඩර් කළා අපි මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතකට කඩලා.

මාධ්‍යවේදියා
ඇත්තටම එතන තෙල් තියෙනවද?

තෙල් නම් දැනට ලැබිලා නෑ. නමුත් ගෑස් සම්පත හම්බවුණා. අපි ළිං හතරයි කැණුවේ. දෙකක හම්බවුණා. එකක් අර බ්රේක් වුණා. අනිකේ හම්බ වුණේ නෑ. දන්නවද ඔය ලොකුවට තෙල් හම්බවෙච්ච ඉරානේ, සවුදියේ, උතුරු මුහුදේ පනස් ගණන්, හැට ගණන් ළිං හාරලා තමයි තෙල් හම්බවුණේ. ඉරානේ එහෙම අන්තිමට කරකියා ගන්න දෙයක් නැතුව බලාපොරොත්තු කඩවෙලා ගියාම තමයි හම්බ වුණේ. අපේ ඊට වඩා හරි වාසනාවන්ත විදිහට හම්බ වුණා. මොකද වුණේ? මේ සමාගම, මේක බිඩ් කරපු සමාගම බලගතු රටක් මිලදී ගත්තා, අරගෙන ඒක වහලා දැම්මා. අද නිර්භීත නම්, දේශමාමක නම් කරන්න තියෙන්නේ දැන් අවුරුදු ගාණක් වෙනවා ඔය වැඩේ වෙලා. වහාම ඔවුන්ව අයින් කරලා ඔය තෙල් කැනීම් කටයුතු ටෙන්ඩර් කැඳවීමක් කරලා දෙන එක. ටෙන්ඩර් කැඳෙව්වා අවස්ථා ගණනාවක ඒක කරන්න දුන්නේ නෑ, විදේශ බලවේග. මට හිතෙන්නේ නෑ මේ ආණ්ඩුවට කරන්න පුළුවන් කියලා. මොකද රටේ සුළං බලය, සූර්ය බලය, කුඩා ජල විදුලිය කප්පාදු කරලා ඩීසල්, ගල් අඟුරු, දැවි තෙල්වලට මුල් තැන දෙන ආණ්ඩුවක් කොහොමද මේ රට ඇතුළේ තෙල් නිපදවන්න ඉදිරිපත් වෙයිද? නෑ.

ඉතින් ඒක නිසා මේක කරන්නම ඕනෙ දෙයක්. එහෙම කරලා ගෑස් කොළඹට ගෙනාවොත් ඒක ලොකු වියදමක් යන්නේ නෑ. ඩොලර් මිලියන් 300ක්. අපි හැදුවා ඒ කාලේ ඒකට ෆන්ඩ් එකක්, පේටි්‍රයෝටික් ෆන්ඩ් කියලා එකක්, බැඳුම්කරයක් ලාංකිකයන්ට දායක වෙන්න. ඒ කාලේ කටකතාවට කිව්වේ, ‘මගේ යාළුවෙක් ඉන්නවා කැනඩාවේ, ඩොලර් මිලියනයක් එවනවා..’ අර ගායකයෙකුත් කිව්වේ. ඒ වගේ තක්කඩි ගොන් කතා. මිනිස්සු රවට්ටන්න හදපු බොරු කතා. එහෙම නෙවෙයි. අපි ප්ලෝට් කරා ඩොලර් මිලියන් 300ක එකක් අපිට ප්ලෝට් කරන්න පුළුවන් නම්, විදේශිකයන්ට දාන්න අපි සැලසුම් හදලා තිබුණේ ඒකට නෝර්වීජියන් මොඩල් එක අරගෙන. ලංකාවේ මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මන්නාරමෙන් කෙරවලපිටියට පයිප් එකෙන් ගේන්න ඕනේ. දැන් මොකක්ද කරන්න යන්නේ? තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට තෙල් ගේන්න යන්නේ. බලශක්තිය පාවිච්චි වෙන්නේ කොහෙද? කොළඹ. තමිල්නාඩුවෙන් ත්‍රිකුණාමලයට. මොන ගොන් ආණ්ඩුවක්ද? මොන ගොන් ප්‍රතිපත්තියක්ද? කාගේද ඒ අවශ්‍යතාව? ඒක ලංකාවේ අවශ්‍යතාවක්ද? මම කියන්නේ ඒක රනිල් වික්‍රමසිංහත් කළා 2023. ඒකම මේ ගොල්ලොත් කළා.

ඉන්දියාව හරි, කවුරු හරි වේවා, මන්නාරමෙන් කෙරවලපිටියට තෙල් නළය දාන්න ඕනේ මන්නාරමේ හාරන තෙල්. ඉන්දියාව අපිට ඕක හාරලා දෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. නමුත් විධිමත් සමාගම් ලෝකේ පුරා තියෙනවා. ලංකාවේ ඇතුළේත් මේක කරන්න පුළුවන්. ලංකාවේ විද්‍යාඥයෝ මේ තැන්වල වැඩ කරනවා. ඒ අයගෙත් උදව් අරගෙන අපි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම කළොත් අපිට ගොඩාක් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒ වගේම මේකේ හුඟක් දේවල් අපි ඇචීව් කළා. 100%ක අඛණ්ඩ විදුලිබල සැපයුම් අද තියෙනවා. අද කොහෙවත් ලයිට් කැපෙන්නේ නෑ. අද 5500ක් තියෙනවා. මෙහෙ 2500යි ඉල්ලුම. මේ සමහර ඒවා අපි විශාල වශයෙන් අඳුන්වලා දීලා තියෙනවා. මේකේ තිබෙන එකක්වත් කළේ නෑ. උදාහරණයක් හැටියට මේකෙන් අපි යෝජනා කළා 2015 අගෝස්තු මාසේ මම කැබිනට් පත්‍රිකාවක් දාලා අපි මිල සූත්‍රය අඳුන්වලා දෙමු නැවත කියලා. මොකද 2002දී මිල සූත්‍රය කරු ජයසූරිය මහත්තයාගේ කාලේ හඳුන්වලා දුන්නා. ඒකෙන් ඒ විදුලිබල ක්ෂේත්‍රයයි, තෙල් ක්ෂේත්‍රයයි රටේ ආර්ථිකයයි, තුනම අර තුවාල හොඳ කරගත්තා. එතකොට මම මේක ගෙනාහම අද ඔය අපේ සජබයේ ඉන්න කට්ටිය, ඒ වගේම යූ.ඇන්.පී. එකේ ඉන්න කට්ටිය, කියන්න කනගාටුයි, ඔය මුදල් අමාත්‍යාංශයට අරක්ගෙන හිටපු අය, ඔස්තාර්ලා ඒකට විරුද්ධ වුණා. ඇයි? අපට මේකෙන් අසීමාන්තික ලාභ හම්බවෙනවා. මුදල් අමාත්‍යාංශයට ගෙනියන්න බෑ මේ විදියට මිල සූත්‍ර දාගෙන කියලා. ඊට පස්සේ මම කොච්චර අමාරුවෙන්ද ඔය තෙල් මිල අඩු කළේ. ඔය මහින්ද රාජපක්ෂ රුපියල් 154ට දීපු පෙට්‍රල් 117ට ගෙනාවේ. ඩීසල් 134 එක 95ට ගෙනාවේ කොච්චර සටනක් කරලාද? ඇත්තටම මට ඕනෙ කළේ ඩීසල් රුපියල් 85ට දෙන්න. අපේ මුදල් අමාත්‍යාංශයේ අය කිව්වානේ, අපේ කාර්වලට තෙල් ගහන විදිහක් නෑ කියලා. ඒ ආණ්ඩුව මෙහෙයෙව්වේ එහෙමනේ. කාර් එකනේ මූලික වුණේ, පොදු ප්‍රවාහනය නෙවෙයිනේ. රටේ ආර්ථිකය නෙවෙයිනේ. මම මේ කියන්නේ, මේ අද සමහරු මේ ගැලවුම්කාරයෝ විදිහට පෙනීඉන්න හදනවා. එදා කිසි සහයෝගයක් දුන්නේ නෑ. එදා ඒ බලශක්ති ප්‍රතිපත්තියේ මිල සූත්‍ර අපි අනුගමනය කළා නම් ඔය 2022 ඒ වගේ ප්‍රශ්නයක් එන්නේ නෑ. මොකද CEB එකට, පෙට්‍රෝලියම් එකට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.

ගෝඨාභයගේ කාලේ වුණේ පෙට්‍රෝලියම් එක කරපු මිනිස්සු පෙට්‍රෝලියම් එකට දරාගන්න බැරි තරම් ණය කන්දක් ගෙවාගන්න බැරි විදියේ එක්ස්පෝෂර් එකක් කළා. ඔනෙ නම් අහන්න සුමිත් අබේසිංහගෙන්. එතුමා කෝප් එකට ආපු වෙලාවේ මම එතුමාට අනතුරු ඇඟෙව්වා 2021 ඔක්තෝබර් මාසේ. ඕගොල්ලෝ තව මාස හයයි යන්නේ කියලා මේ ක්‍රමයට. ඒක එහෙම්මම වුණා. ඒ කියන්නේ මේ ගෝඨාභය මහත්තයලගේ තිබුණානේ අර අමුතුම ආනාධිකමක්. රට බංකොලොත් වෙන්නේ නෑ, අපි දන්නවා සියල්ලම, අපි තමයි හරියටම කරලා තියෙන්නේ. එතුමාගේ විතරක් නෙවෙයි එතුමාගේ මුළු කණ්ඩායමේම තිබුණා. ඒකේ ප්‍රතිඵල තමයි ඔය අපට ලැබුණේ මහා භයානක විදිහට. කොහොම වුණත් බලශක්තිය ගැන මේ ආණ්ඩුවට නම් කිසිම ප්‍රතිපත්තියක් නෑ….’

NEWS CENTER UNLIMITED

SendShareShare
Previous Post

කාලි ඉන්නවා! PHOTOS I Sri Lanka Latest News

Next Post

භයානකයි – අනතුරුදායකයි ආණ්ඩුවට මේ සිග්නල් තේරෙනවද? Sri Lanka Latest News

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.