අද සිට විශේෂ නැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිතය.Sri Lanka Latest News
ඉන් එකක් වන්නේ ඩෙංගු මර්දන සතිය අද සිට ආරම්භ වීමය.
මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2025 අයවැය යෝජනා යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු 2025 ජූලි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර, එවැනි සියලුම තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුය.
මේ අතර, ණය යෝජනා ක්‍රමය යටතේ තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියන 1 නොඉක්මවිය යුතුය.
එමෙන්ම අද සිට පරාටේ නීතියද ක්‍රියාත්මක වීමට නියමිතය.
මීට අමතරව වැඩි කළ ඉන්ධන මිල ගණන් අද සිට ක්‍රියාත්මක වේ.










