• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

June 18, 2025
in Sports
Reading Time: 5 mins read
A A
‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Unleash Global පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩා ඉතිහාසයට නවතම පරිච්ඡේදයක් එක්කරමින්, එම සමාගමේ සුවිශේෂී සටන් ක්‍රීඩා ප්‍රවර්ධන සන්නාමය වන “Unleash” පසුගියදා නිල වශයෙන් දියත් කරනු ලැබීය. Sri Lanka Latest News

සටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව ප්‍රබල ස්ථානයක් හිමි කරදීමේ අරමුණෙන්, දියත් කළ ‘Unleash’  සටන් ක්‍රීඩාවේ ග්‍රැප්ලින්, මුවායි තායි සහ MMA (මිශ්‍ර සටන් කලාව) කෙරෙහි අවධානය යොමු කරයි. ඒ හරහා දේශීය සටන් ක්‍රීඩකයින් ගොඩනගන අතරෙහි, ඔවුන් ජාත්‍යන්තර පිටියෙහි සටන් සඳහා යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි දීර්ඝ කාලයක් තිස්සේ පැවති සටන් කලාවෙහි අඩුව පියවීමට Unleash පියවර ගනියි.

මෙම සන්නාමය නිල වශයෙන් දියත් කිරීමත් සමග එහි සමාරම්භක ඉසව්ව ලෙසින්, Unleash Absolute Warriors Season 1,  ජූනි 14 වැනිදා කොළඹ Royal MAS Arena හිදී පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ උස්බෙකිස්තානය යන රටවල තරගකරුවන් 28 දෙනෙකු තරග වැදුණු  උද්වේගකර සටන් 14 ක් එදින පැවති අතර,  කොළඹ, යාපනය, ගාල්ල සහ කුරුණෑගල වැනි නගර නියෝජනය කරමින් තරගාවලියට එක් වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, දේශීය සටන් කලාවේ තියුණු හැකියාවන් විදහා දැක්වූහ. 

සටන් ක්‍රීඩාව පිළිබඳ දැඩි ඇල්මෙන් යුතු සිව් දෙනෙකුගේ නිර්මාණයක් වන ‘Unleash’, කසුන් ද සිල්වා (ජාත්‍යන්තර අත්දැකීම් සහිත පරාජය නොවූ MMA සටන්කරු), ප්‍රශාන්ත වනිගසූරිය (පළපුරුදු ව්‍යවසායක), ෂමායිල් අන්නම් (ක්‍රමවේදී), සහ ෂසීන් අන්නම් (MMA ක්‍රියාකාරික) යන පිරිස‌ගේ සාමූහික වෑයමක ප්‍රතිඵලයකි.

Unleash පිළිබඳව කසුන් ද සිල්වා මහතා සිය අදහස් දැක්වූයේ මෙලෙසයි: “Unleash සමාගමකින් එහාට ගිය සංස්කෘතික ප්‍රතිනිර්මාණයක්. එය සටන් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, විනය, පරිවර්තනය සහ සටන් ක්‍රීඩා ලෝකයේ තම සලකුණ තැබීමට කැමති දක්ෂ ශ්‍රී ලාංකිකයන් සඳහා අවස්ථාවන් උදාකිරීමේ ව්‍යාපාරයක්. අද වන විට ජාත්‍යන්තරව සටන් ක්ෂේත්‍රයේ සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එයින් කොටසක් ලබාගැනීමට සුදුසුම කාලය දැන් එළඹී තිබෙනවා. අපේ රටේ තරුණ පරපුර ක්‍රීඩාශීලී පිරිසක් කිරීමේ ‘From Screen Time to Gym Time’ මෙහෙවරට අනුව කටයුතු කරන ‘Unleash’ ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩා ක්ෂේත්‍රයේත්, සමාජයේත් ප්‍රබල බලවේගයක් බවට පත්වීමට සූදානම්.”

ඉකුත්දා පැවති තරගාවලියෙන් අනතුරුව, ‘Unleash’ ඉදිරියේදී සටන් තරග මාලාවක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ දෙවැනි අදියර (Season 2) 2026 ජනවාරි මාසයේදී පැවැත්වේ. එමෙන්ම, තුන්වන අදියර (Season 3) පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාවේදී වන අතර, කලාපීය වශයෙන් සටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂයද එමගින් අවධාරණය කෙරේ. මේ පිළිබඳ, සම්මුඛ සාකච්ඡා, මාධ්‍ය සහයෝගීතාවන් පිළිබඳව හෝ තරග විස්තර දැනගැනීමට, [email protected] වෙබ් අඩවිය ඔස්සේ සහ @unleashcombat හරහා සම්බන්ධ විය හැක.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොලොන්නාව සජබ පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් ඇවිත් ඡන්දෙ දීපු පාක්ෂිකයන් පාවලා දුන්නු සුසිල් කුමාර කොස්තා සජබයෙන් පන්නයි! මන්ත්‍රීකමෙනුත් අයින් කරයි! I Sri Lanka Latest News

Next Post

සභාපති තනතුරු තේරීමේදී පක්ෂ තීන්දුවට පිටින් ගිය සියලු සජබ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි! මෙන්න නම් ලයිස්තුව! කන්දකැටියේ විජේපාල! කුලියාපිටියේ බුද්ධික! දෙහිඕවිට ගුණරත්න බණ්ඩාර! හොරොව්පතානේ මුහම්මදු අලි! පුත්තලමේ නුස්කි! I Sri Lanka Latest News

MORE NEWS

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Exclusive

පහුගිය කාලෙම කෑවා කෑවා කෑවා… ඔන්න දැන්නම් අපේ එවුන් ක්‍රිකට් ගහනවා… ඉස්සරහ දිහා බලාගෙන ඉමු I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.