පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් හා ආපනශාලා ඉලක්ක කරගනිමින් ඊයේ (20) දින විශේෂ හදිසි වැටලීම් 112ක් සාර්ථකව සිදු කරන ලදී.Sri Lanka Latest News
මහජනතාව සහ මගීන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු වන අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙම විශේෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ විය.
වැටලීම්වලදී අනාවරණය වූ ප්‍රධාන වැරදි:
නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම
බේකරි නිෂ්පාදන, අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම
ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම
මෙම වැරදි සිදු කළ වෙළෙඳසැල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
මගී ජනතාවට නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ලබාදෙන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ඇත. මෙවැනි විශේෂ වැටලීම් ඉදිරියේදී ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
මෙවැනි අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකය වෙත ලබාදෙන්න.





















