ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ඒ හා සමාන කාලයක් කතානායකවරයා ලබා නොදෙන බවත් කතානායකවරයා පාර්ලිමේන්තු සභාවේ භාෂණයේ නිදහසට බාධා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
කතානායකවරයාගේ වගකීම වන්නේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් සමාන කාලයක් ලබා දීම වුවත් වත්මන් කතානායකවරයා එය නොකර ආණ්ඩුවට එක ආකාරයටත් විපක්ෂයට තවත් ආකාරයකටත් සලකන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත් එම නිසා කතානායකවරයාගේ ක්‍රියාකලාපය අනුමත නොකරන බවත් එම නිසා තවදුරටත් සභාවේ රැදී සිටීමෙන් ඵලක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.










