2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා කටයුතු කොට ඇත.
අද පස්වරු 2.00 ට පමණ විමර්ශන ඒකකය වෙත පැමිණි අරවින්දද සිල්වා මහතා රාත්‍රී 8 පමණ වනතෙක් සාක්ෂී ලබා දී තිබේ.
මේ අතර මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද පෙරවරු 10ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙන බවද දැනගන්නට ඇත.










