ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රී බිරියක් ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 30ක් ලබා ගෙන ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.Sri Lanka Latest News
මෙලෙස ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගෙන ඇත්තේ 2004-2008 කාලය තුළ වත්මන් ජවිපෙ මන්ත්‍රීවරයෙකුට සිට තවත් මන්ත්‍රී බිරිඳකටය.
මන්ත්‍රීවරයාට රු. ලක්ෂ 10ක් ද මන්ත්‍රී බිරිඳට රු. ලක්ෂ 20ක් ද ගෙවා ඇති බවයි, දයාසිරි ජයසේකර පෙන්වා දෙන්නේ.
වත්මන් ආණ්ඩුව ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ සිය පක්ෂයේ පිරිස් සඳහා ලබා දුන් මුදල් මගහැර බවත් හෙතෙම අනාවරණය කරයි.
තමාගේ රෝහල් ගාස්තු ගෙවීම සඳහා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් රු. ලක්ෂ 5 ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්ත ද ජවිපෙ ලබා ගත් මුදල් පිළිබඳ කරුණු වසං කර ඇති බවත් දයාසිරි ජයසේකර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.










