• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිත හදාගත්තා විතරමයි නුඹ ආයෙමත් ඇවිදින්! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කොරෝනා අලුත් ප්‍රභේදය ලංකාවට එන්නෙ නෑ කියන්න බෑ! ආයෙමත් මාස්ක් දාන්න-මීටරෙන් ඉන්න! දැන්ම තියා ලෑස්ති වෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
කොරෝනා. එහෙම නැත්නම් කොවිඩ්. කාලයක් තිස්සේ යටගිහිල්ලා තිබිලා ආයෙත් කතාබහ කරන්න ගත්ත මාතෘකාවක්. කොරෝනා ගැන විවිධ අය විවිධ තැන්වල විවිධ කතා කියන අතරතුරේ අපි සූදානම් වුණා covid worldometer එක එහෙම නැත්නම් ලෝක කොවිඩ් දර්ශකය පිළිබඳ හොයලා බලන්න. එක එක්කෙනාගේ කතන්දරවලට උත්තර දීම හෝ ප්‍රතිඋත්තර දීම අපේ වගකීමක් නොවන බවයි අපි විශ්වාස කරන්නේ. ලංකාව වසාදමා කොවිඩ්වලට ප්‍රතිචාර දක්වපු කාලයක් තිබුණා. ඒ වෙලාවේ අපි කොවිඩ් හමුවේ පරාජයට පත්වුණා. රට වහලාවත් අපිට මේ රට බේරගන්න බැරුව ගියා. විවිධ දේශපාලකයෝ ඒ වෙලාවේ ඍජුව කිව්වා ආණ්ඩුවට ‘අපි රට වහමු’ කියලා. ආණ්ඩුව රට වහන්න හැම වෙලාවකම පරක්කු වුණා. දේශපාලනය නිසා. ඒ කාලේ තිබුණු ඡන්ද නිසා. විවිධ හේතු නිසා මේගොල්ලෝ රට වහන්නේ නැතුව රට ඇරගෙන හිටියා. එතකොට දැන් අපි සූදානම් වෙන්නේ covid worldometer එක ගැන කතාකරන්න. covid worldometer එකට අනුව මේ වෙනකොට නැත්නම් මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලෝක ඉතිහාසයේ කොරෝනා වැලඳුණු මිනිසුන් සංඛ්‍යාව 70,46,53,890ක් විදියටයි සඳහන් වෙලා තියෙන්නේ. මේක ඉතා විශාල සංඛ්‍යාවක්. ලෝකෙ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණු රට විදියට සලකන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 11,18,20,82ක් විදියට සඳහන් වෙනවා. 12,19,487 දෙනෙක් කොවිඩ් නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මියගිය බව සඳහන් වෙලා තියෙනවා. ලෝකයේම කොවිඩ්වලින් මියගිය ප්‍රමාණය 70,10,681ක්. එහෙම නැත්නම් මිලියන 7 ඉක්මවූ ප්‍රමාණයක් කොවිඩ් නිසා ලෝකයේ මියගිහිල්ලා තියෙනවා. මේ ප්‍රමාණය ගැන සඳහන් කරද්දී කිව්වේ මිලියනයක් කොවිඩ්වලින් මියයාවි කියලා. හැබැයි දැන් වෙද්දී 70,00,000ක් මියගිය බව සඳහන් වෙලා තියෙනවා. Sri Lanka Latest News

ලෝකයේ දෙවැනි තැනට ඉන්දියාව. ඉන්දියාව 4,50,35,493ක් කොවිඩ් රෝගීන් වාර්තා වුණු රට. ඒ වගේම ප්‍රංශයේ 4,01,38,560ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ජර්මනියේ 38,828,995ක්, බ්‍රසීලයේ 38,743,918ක්, දකුණු කොරියාවේ 34,571,873ක්, ජපානයේ 33,803,572, ඉතාලියේ 26,723,249ක්, එක්සත් රාජධානියේ 24,910,387ක්, රුසියාවේ 24,124,215ක්, තුර්කියේ 17,232,066ක්, ස්පාඤ්ඤයේ 13,914,811ක්, ඔස්ටේ්‍රලියාවේ 11,853,144ක්, වියට්නාමයේ 11,625,195ක්, තායිවානයේ 10,241,523ක්, ආජන්ටිනාවේ 10,128,845ක්, නෙදර්ලන්තයේ 8,635,786ක්, මෙක්සිකෝවේ 7,702,809ක්, ඉරානයේ 7,627,186ක් සහ ඉන්දුනීසියාවේ 6,829,221ක් විදියට ලෝකයේ කොවිඩ් රෝගීන් වැඩිම රටවල් 20 මේ විදියට හඳුනාගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව මේ දර්ශකය ආරම්භ වෙන කාලේ හිටියේ බොහොම පහළ මට්ටමක. ඉන් පස්සේ ලංකාව ආවා පළමු 70 අතරට. නමුත් දැන් ඉන්නේ ලෝකයේ 82 වැනි තැන. 6,72,754 දෙනෙක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඉන් 16,897 දෙනෙක් මියගිහිල්ලා තියෙනවා කොවිඩ් රෝගය නිසා. මේක ඉතා විශාල අගයක්. මොකද බහරේනය වගේ රටවල 7,29,000ක් රෝගීන් වාර්තා වෙනකොට මියගිහිල්ලා තියෙන්නේ 1,500යි. සයිප්‍රසයේ 6,81,000ක් රෝගීන් වාර්තා වෙනකොට මියගිහිල්ලා තියෙන්නේ 1,365යි. ඩොමිනික් ජනපදයේ 6,75,890ක් වාර්තා වෙනකොට මියගිහිල්ලා තියෙන්නේ 4,300යි. බෙලරුස්වල ලක්ෂ 9ක් රෝගීන් වාර්තා වෙනකොට මියගිහිල්ලා තියෙන්නේ 7,118යි. මොංගෝලියාවේ 10,11,496ක් වාර්තා වුණත් මියගිහිල්ලා තියෙන්නේ 2,284යි. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 10,67,030ක් රෝගීන් වාර්තා වෙනකොට මියගිහිල්ලා තියෙන්නේ 2,349යි. ඒ වගේම අපි මේ දර්ශකය බලද්දී තේරෙනවා නෝර්වේ රාජ්‍යයේ ලක්ෂ 15ක් රෝගීන් වාර්තා වෙලා මරණ 6,638ක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. නවසීලන්තයේ 26,21,111ක් රෝගීන් වාර්තා වෙද්දී මරණ 5,697යි. සිංගප්පූරුවේ 30,06,155ක් රෝගීන් වාර්තා වෙනකොට මරණ 2,024යි වාර්තා වෙලා තියෙන්නේ. මේ වගේ සමහර රාජ්‍යයන් තියෙනවා මරණ සංඛ්‍යාව ගැන සමහර වෙලාවට අපිට දකුණු කොරියාව වගේ රටවල මරණ දර්ශකයේ ඔවුන්ගේ මරණ වාර්තා වෙලා තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. නමුත් ඒක අපිට විශ්වාස කරන්න බැහැ. මොකද ඔවුන් සඳහන් කරන්නේ මරණ 74ක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒක පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. නමුත් ලෝකයේ මරණ ප්‍රමාණය අතින් ගත්තම සමහර රටවල් තියෙනවා ඔවුන්ගේ රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව මරණ ප්‍රමාණය ඉතා අඩු. උතුරු කොරියාව, ඔස්ටේ්‍රලියාව, තායිවානය, නෙදර්ලන්තය, පෘතුගාලය වගේ රටවල් මේ විදියට තමන්ගේ මරණ ප්‍රමාණය අඩුකරගත්ත රටවල් ලෙස සඳහන් වෙලා තියෙනවා.

නමුත් ලංකාව මේ ලැයිස්තුවේ 82 වැනි තැන ඉන්නකොට මරණ ප්‍රමාණය ඉතා ඉහළ තැනක සඳහන් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය අපේ ජනගහනයට සාපේක්ෂව ගත්තම විශාල අගයක්. ඒ වගේම අපි ඊළඟට පරීක්ෂා කරන්න ඕනේ කාරණාව තමයි මේ වෙනකොට ලංකාවේ අපේ රට ඇතුළේ නව කොවිඩ් රෝගීන් කී දෙනෙක් වාර්තා වෙනවද කියන කාරණාව සහ මේ විදියට වාර්තා නොවෙනවා නම් රෝගීන් එහෙම වාර්තා නොවෙන්නේ ඇයි කියන එක.

අපිට පේනවා දියුණු රටවල රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන හැටි. මේ ගැන කතාකරද්දී ඕනෑම කෙනකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ දියුණු රටවල රෝගීන් වැඩිවෙන්නයි, නොදියුණු රටවල, නැත්නම් දුප්පත් රටවල රෝගීන් අඩුවෙන්නයි හේතුව මොකක්ද කියලා. ඒකට හේතුව ඉතා පැහැදිලියි. රටවල් ඇතුළේ පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම තමයි මේකට හේතුව විදියට අපිට කතාකරන්න පුළුවන් වෙන්නේ. බොහෝ විට රටවල් තමන්ගේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පරීක්ෂාවට ලක් කරන්න පවත්වන පී.සී.ආර්. පරීක්ෂණ හෝ වෙනත් පරීක්ෂණ බොහෝ විට සිදුකරන්නේ ඉතා අඩුවෙන්. එහෙම ප්‍රමාණය අඩු වුණාම ඒ ඒ රටවල රෝගීන් වාර්තා වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒක ජයග්‍රහණයක් විදියට අපිට පිටින් පෙනුණට ඇත්තටම ඒක ජයග්‍රහණයක් නෙවෙයි. අපිට පේනවා පරීක්ෂණ ප්‍රමාණය අරගත්තම එක්සත් රාජධානිය පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකරන රටක් විදියට හඳුනාගන්න පුළුවන්. ප්‍රංශය එක්සත් රාජධානියත් ඉක්මවා ගිය පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරලා තියෙනවා. මේ පරීක්ෂණවලින් අපිට ඉතා පැහැදිලි වෙන දෙයක් තමයි ඉතා විශාල වශයෙන් මේ අය පරීක්ෂණ සිද්ධ කරනවා.

ලෝකේ සමහර රටවල් තියෙනවා පරීක්ෂණ විශාල ප්‍රමාණයක් වාර්තා වෙන රටවල්. මේ වගේ පරීක්ෂණ ප්‍රමාණයන් වාර්තා වීමත් එක්ක ඒ රටක සමහර වෙලාවට රෝගීන් ප්‍රමාණය හදිසියේ වැඩිවෙන්න පුළුවන්කම තියෙනවා. ඔස්ටේ්‍රලියාව තමයි ලෝකයේ වැඩිම පරීක්ෂණ ප්‍රමාණයක් කරපු රට විදියට හඳුනාගෙන තියෙන්නේ. ඔස්ටේ්‍රලියාවට පසුව ඉන්නවා ඩෙන්මාර්කය. එක්සත් රාජධානිය. ඔස්ටේ්‍රලියාව විතරක් ගණන් බැලූ පරීක්ෂණ ප්‍රමාණය විදියට සඳහන් කරලා තියෙනවා 23,30,02,116ක්. පරීක්ෂණ දර්ශකයේ අපි ඉන්නේ කොතැනද කියන එක මෙහිදී ඉතා වැදගත්. ලෝකේ 82 වැනි තැන ඉන්නකොට අපි කොවිඩ් රෝගීන්ගෙන් අපි 82කට වඩා ඉහළ තැනක ඉන්න ඕනේ කොවිඩ් සම්බන්ධව කරන පරීක්ෂණවලින්. නමුත් ඇත්තටම ලංකාව මේ පරීක්ෂණ අතින් එතරම්ම ඉහළ තැනක නැති බව තමයි අපිට පැහැදිලිව පේන්නේ. අපි ඉන්නේ ලෝකයේ 148 වැනි තැන. අපිට විශාල පරීක්ෂණ ප්‍රමාණයක් කරගන්න බැරිවෙලා තියෙන බව අපිට පැහැදිලිව පේනවා. ඇත්තටම මේ ලෝක කොවිඩ් දර්ශකය ඇතුළේ රාජ්‍යයන් සහ වෙනත් ආයතන වෙනත් විදියට ගත්තම රටවල් තියෙන්නේ 231යි. මේකේ ඉන්නවා ඉතා අඩු කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන රටවල්. ඒ නිසා අපේ කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය ඉතා අඩු බව පැහැදිලිව අපිට පේන්න තියෙනවා.

covid worldometer එකට අනුව අද වෙද්දී ලෝකයේ කොරෝනා රෝගීන් වාර්තා වෙන රටවල් අපිට දැකබලා ගන්න පුළුවන්. දැන් සමහර රාජ්‍යයන්හි කොරෝනා රෝගීන් මේ වෙනකොටත් 6,12,553ක් ප්‍රතිකාර ලබමින් ඉන්න බව මේ දර්ශකයේ සඳහන් වෙලා තියෙනවා. මාටිනිකිව් කියන දූපත මේකට අයිති වෙච්ච තැනක්. මේ විදියට කොවිඩ් රෝගීන් වාර්තා වෙන දූපත් කීපයක් ගැන තමයි සඳහන් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ලෝකේ තියෙන ප්‍රසිද්ධ බොහෝ රටවල හදිසි කොවිඩ් රෝගීන් වාර්තා වෙන බවක් සඳහන් වෙන්නේ නෑ. නමුත් ලෝකයේ ලක්ෂ 5 ඉක්මවූ මේ මොහොතේත් වාර්තා වෙන රටවල් 4ක් සඳහන් වෙලා තියෙනවා. ලක්ෂය ඉක්මවූ රෝගීන් මේ මොහොතේත් ඉන්න රටවල් 20ක් සඳහන් වෙලා තියෙනවා. ඒ අතර ජපානයත් කොවිඩ් රෝගීන් වාර්තා වෙන රටක් විදියට සඳහන් කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොටත්.

ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ ලෝකේ මේ වෙනකොට කොවිඩ් බොහොම ක්‍රියාකාරී මට්ටමක තියෙනවා කියලා. ඔබ සමහර විට හිතාවි අපි මේ ගැන අතිශයෝක්තියෙන් කියනවා කියලා. නැහැ, ඇත්ත කතාව තමයි ලෝකයේ මේ වෙනකොට කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් තියෙනවා කියන එක. මුළු ලෝකයේම වාර්තා වුණු, පරීක්ෂණවලින් සනාථ වුණු ප්‍රතිකාර ලබන රෝගීන් 2,21,23,398ක් සිටින බව මේ covid worldometer එකේ සඳහන් වෙලා තියෙනවා. ඒ අය අතරින් අසාධ්‍ය මට්ටමේ රෝගීන් 34,794 දෙනෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලබමින් ඉන්න බව සඳහන් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මෙම කොවිඩ් වෛරසය ඒ තරම් අසාධ්‍ය නොවන බව තමයි ලෝකයේ මේ වෙනකොට හඳුනාගෙන තියෙන්නේ. දැන් කොවිඩ්වලින් මියගිය ප්‍රමාණය, රෝගී වූ ප්‍රමාණයෙන් 1%ක් විදියටයි සඳහන් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය අපි ඔබට කිව්වේ කොරෝනා ගැන ඔබව බයකරන්න නෙවෙයි, කොරෝනා ගැන ඔබට කිව යුතු නිසයි. මේ වන විටත් ලෝකයේ සමහර රටවල කොරෝනා රෝගීන් වාර්තා නොවන තැනට පත්වෙලා තියෙනවා. නමුත් අපේ රටත් මේ කොරෝනා රෝගීන් වාර්තා නොවන රටක් විදියට අපිට උදම් අනන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව අපි දැන් පරීක්ෂණ නොකරන රටක් බවට පත්වෙලා තියෙන නිසා.

මේ වෙනකොට අපිට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙන කාරණාව තමයි ලෝකය පුරාම කොවිඩ් රෝගීන් තවදුරටත් වාර්තා වෙන බව. ලංකාවේ කොවිඩ් නිසා රෝගීන් මියගිය බව, දරුවෙක් මියගිය බව පහුගිය දවසක අපි දැක්කා සඳහන් කරලා තිබුණා. අපි දන්නේ නෑ ඒවායේ ඇත්ත නැත්ත. කොවිඩ් සම්බන්ධව විවිධ පාර්ශ්ව, විවිධ මතිමතාන්තර පළකරමින් ඉන්නවා. අපි දැක්කා ගිය වතාවෙත් පාලකයන්ට චෝදනාවක් එල්ල වුණා කොවිඩ් රෝගය පැතිරෙන්න පටන් අරගත්තට පස්සේ. ඉතින් අපි මේගොල්ලන්ටත් මතක් කරනවා කොරෝනා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කොරෝනාවලින් ආරක්ෂා වෙන්න අපි උපක්‍රම භාවිත කරනවා මිසක කොරෝනා හැදුණාම ඇඳක් දීගන්න බැරි රටක් මේක. රෝහල් වාට්ටුව ඇතුළේ රෝහලේ වෛද්‍යවරයාගේ පවුලේ අය කොරෝනා හැදිලා මියගියේ ඇඳක් දීගන්න බැරුව. බොහෝ දෙනෙක් මියගියා ඇඳක් නැතුව. බොහෝ දෙනෙක් මියගියා ප්‍රතිකාර නැතුව. බොහෝ දෙනෙක් මියගියා වෙන්ටලේටර් මැෂින් එකක් නැතුව. ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි, දැන් සෙල්ලම් කරන්න එපා. කොවිඩ් ඇවිල්ලා නම් ඇත්තටම ලංකාවේ කොවිඩ් තියෙනවා නම් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් කරලා, ආරක්ෂාවට පියවර අරගෙන වහාම අඩියක් පස්සට අරගෙන අපි පියවර ගමු රට වහන්න කියලා අපි යෝජනා කරනවා නෙවෙයි. හැබැයි ඔබ අපිට කට වහන්න කියලා නොකියා, කොවිඩ් වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් තීන්දු ගන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පනතට අනුව හෝටල් ගහන්න ණය දෙන්නත් බෑ! පිටරට සමාගමකට ණය දෙන්නත් බෑ! එහෙම තියෙද්දිත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) නීතියට පිටින් ගිහින් මාලදිවයිනේ හෝටල් සමාගමකට ඩොලර් මිලියන 9ක ණයක් දීලා! දැනට පොලිය ඩොලර් මිලියන 4ත් පැනලා! තවම සත පහක් ගෙවලත් නෑ! විගණන වාර්තාවෙන් සියල්ල එළියට! ලංකා බැංකුවයි-මහජන බැංකුවයි වාර්තා පිට වාර්තා තියද්දී NSB එකට මොකද මේ වුණේ? Sri Lanka Latest News

Next Post

ජනාධිපති අරමුදලින් සල්ලි ගත්ත කතාව ආපහු කැරකෙන ලකුණු! ජවිපෙ මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රී බිරියකුත් ජනාධිපති අරමුදලින් ලක්ෂ 30ක් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.