පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පොලිස් සුබසාධන කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න කළ ඉල්ලීමකට අනුව පොලිස් කොමිසම මෙම අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රාජකාරී ආවරණය සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ අපොන්සු පත් කිරීමට තීන්දු වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වීම හමුවේ ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිව්දෙනකු ඊයේ වැඩතහනමට ලක් කළ පසුව මෙම ස්ථාන මාරුව ලබා චී තිබේ.










