ලබන ජුලි මස 03 වැනි දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහමැතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතය.
ඒ අනුව ජනාධිපිතවරයා සහ අගමැතිවරයා එක්ව මහමැතිවරණ ප්‍රචාරක රැලි රැසක් පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
මෙම රැස්වීම් පක්ෂ සම්මේලන අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද දැනගන්නට ඇත.
මීට පෙර ඇතැම් මාධ්‍ය වාර්තා පළ කොට තිබුණේ ජනාධිපිතිවරයා මැතිවරණ වේදිකාවට ගොඩනොවනු ඇති බවකි.










