නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473ක් පමණ වටිනා විදේශීය දුම්වැටි මිලියන 3.1ක් ඊයේ (30වැනිදා) පෙරවරුවේ විනාශ කරනු ලැබීය.Sri Lanka Latest News
මුතුරාජවෙල, ආයෝජන කලාපයේ පිහිටි අපද්‍රව්‍ය මගින් විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලාගාරය තුළදී, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කරනු ලැබීය.
ශ්‍රී ලංකා රේගුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන රේගු නිලධාරීන් විසින් මෙම වසරේ මුල් මාස තුන තුළදී අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය මෙලෙස විනාශ කරනු ලැබූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් (ඩිජිටල් පරිවර්තන) සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.
මෙම දුම්වැටි තොගය යම්කිසි හෙයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් මිලියන 1419කට අධික තීරු බදු මුදලක් අහිමිවීමට නියමිතව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














