2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවලට අනුකූලව නම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතනවලට අයත් සියලුම අරමුදල්, මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් අත්හිටුවීම නිවේදනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.Sri Lanka Latest News
2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවල 5 වන රෙගුලාසිය මගින් පැවරී ඇති බලතල අනුව, එම රෙගුලාසි යටතේ පත් කරන ලද නිසි බලධාරියා වන ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
නියෝගයට අනුව, රෙගුලාසිවල 4 වන රෙගුලාසිය යටතේ ලැයිස්තුගත කර ඇති ඕනෑම ස්වාභාවික හෝ නීත්‍යනුකූල පුද්ගලයකුට, කණ්ඩායමකට හෝ ආයතනයකට අයත් සියලුම අරමුදල් සහ වත්කම් 2025 මැයි 2438/47 දරන ගැසට් පත්‍රය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියමිතය.
මීට අදාළව 2014 මාර්තු 21 දිනැති අංක 1854/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද අතර, වරින් වර එය සංශෝධනය කරන ලදී.
තවද, 5 වන රෙගුලාසිය යටතේ කලින් නිකුත් කරන ලද සහ 2023 ජුනි 10 වන දින අංක 2335/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ, 2024 ජුනි 3 වන දින අංක 2387/03 දරන සහ 2025 පෙබරවාරි 20 වන දින අංක 2424/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග අවලංගු කර ඇත.
කෙසේවෙතත්, මෙම අවලංගු කිරීම එම නියෝග යටතේ ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට බලපාන්නේ නැත.
ඊට අමතරව, 4(7) වන රෙගුලාසිය යටතේ නම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කර ඇත.
2025 පෙබරවාරි 20 වන දින අංක 2424/51 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අවසන් වරට සංශෝධනය කරන ලද පරිදි, 2014 මාර්තු 21 වන දින අංක 1854/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අමුණා ඇති උපලේඛන අවලංගු කර යාවත්කාලීන කරන ලද තනතුරු අඩංගු නව උපලේඛන සමඟ ප්‍රතිස්ථාපනය කර ඇත.










