බදු ශක්ති නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පැවසුවේ එළඹෙන 02 වනදා සිට 07වනදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවය.
“මිලියන 10කට වැඩි ප්‍රමාණයකට මේ වෙද්දි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් අංක නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒ අංක නිකුත් කරලා තියෙන්නේ විවිධ මූලාශ්‍ර මගින් ගත්ත තොරතුරු මත. රටේ ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔබ වෙනුවෙන් මේ වෙද්දි දෙපාර්තමේන්තුවෙන් ටින් අංකයක් නිකුත් වෙලා තියෙන්න පුලුවන්. ඒක හින්දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ හැඳුනුම්පත් අංකය දාලා මේ වෙද්දි ටින් අංකයක් නිකුත් වෙලාද කියලා බලන්න පුළුවන්. ටින් අංකයක් නැති කෙනෙක් ඉන්නවා නම් එකපාර දෙපාර්තමේන්තුවට එන්නේ නැතුව ඉස්සෙල්ලාම වෙබ් අඩවියට ගිහිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්. දැනටමත් තියෙනවා නම් ඒකේ මුද්‍රිත පිටපතක් ගන්න පුළුවන්.”











