• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ගේ දෙපතුල් ගාවාට ප්‍රේමදාස යන්න පටන්ගත් හැටි! Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ගේ දෙපතුල් ගාවාට ප්‍රේමදාස යන්න පටන්ගත් හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, සියලු දේශපාලන පක්ෂ නායකකාරකාදීන්, තම පාර්ශ්වය සඳහා එකී ආයතනික බලය ලබාගැනීමේ අර්ගලයක නිරතව සිටී. Sri Lanka Latest News

ජනතාව විසින් බෙහෙවින් බුද්ධිමත්ව සිතාබලා, තම ගම හා නගරයට සැබෑ ලෙසින්ම සේවයක් කළ, එවන්වූ සේවාවක් ඉදිරියේදීත් ඉටුකළ හැකි, මහජන නියෝජිතයන් තෝරාගෙන ඇති අතර, වෙනත් ජාතික මැතිවරණවලදී මෙන්, දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳ ඔවුන්ගේ සිතුවිල්ල එහිදී දෙවැනි විය.
ඒ අනුව ජනතා අපේක්ෂාව වූයේ, පසුගිය පළාත් පාලන මැතිවරණය නිමවූ විගස, සිය ජයග්‍රාහී නියෝජිතයා තම නගරය හෝ ගමට පැමිණ පොරොන්දු පරිදි මෙහෙවර ඉටුකරන බවකි.

මෙම ජනතා මෙහෙවරේ ඇති වැදගත්කම වඩාත් නිවැරදිව තේරුම්ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජයගත් සභා කවර හෝ දේශපාලන පාර්ශ්වයකින් පිහිටුවීමටත් ප්‍රථම, සිය සුපුරුදු ‘ගමින් ගමට’ ‘නගරයෙන් නගරයට’ වැඩසටහන පසුගියදා දියත් කළ අතර, එහි ආරම්භක පියවර පසුගියදා කඹුරුපිටිය නාකන්දන සහ උල්ලල ගම්මාන වෙතින් ඇරඹිණි.

මෙකී ගම්මාන සංවර්ධනය, එදා ප්‍රේමදාස මහතාගේ උදාගම් ව්‍යාපාර යටතේ සංවර්ධිත ගම්මාන වුවද, අද එහි ජීවත්වන ජනතාව අනේකවිධ ප්‍රශ්න රැසකට මුහුණදී තිබේ.
සිය නිරීක්ෂණ චාරිකාවේදී ඒ සියලු ප්‍රශ්න පෞද්ගලිකව සටහන් කරගත් සජිත් ප්‍රේමදාස මහතා, ඉදිරියේදී බලයට පත්වන කවර හෝ සභාවක් මගින් විසඳිය හැකි ප්‍රශ්න සහ නිසැක ලෙසින් තමන් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයකදී අවධානය යොමුකරන ප්‍රශ්න හඳුනා ගත්තේය. ඒ බව ජනතාව දැනුවත් කළේය.

ඉන් දෙදිනකට පසු ඔහු නිරීක්ෂණයට යොමුවූයේ කොළඹ පුංචි බොරැල්ල 797 නිවාස ක්‍රමය, දෙමටගොඩ මල්ලිකාරාම නිවාස ව්‍යාපෘතිය සහ කොළඹ මරදාන මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමය වෙතයි. මේ, එදා ආර්. ප්‍රේමදාස මහතා විසින් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් සඳහා නිර්මාණය කළ මුල්ම මහල් නිවාස ක්‍රමයයි. අද ජරාජීර්ණ වී, මිනිස් වාසයට නොසුදුසුව, අවශ්‍යයෙන්ම පූර්ණ පිළිසකර කිරීමකට යොමුකළ තත්ත්වයක මේ සියලු නිවාස ව්‍යාපෘතින් පවතී.

මේ පිළිබඳ අවධානය යොමුකළ සජිත් ප්‍රේමදාස මහතා, වත්මනේ රාජ්‍ය බලයක් නොමැතිව හෝ සිය ශක්ති ප්‍රමාණයෙන් එකී ජනතා ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවට නිවාසලාභී ජනතාව වෙත පොරොන්දු විය.

ගම හා නගරයට ගොස් මෙවන්වූ ජනතා ගැටලු සොයා බලමින් ඒ සඳහා විසඳුම් සෙවූ ජනතා මෙහෙවර පිළිබඳ කතිකා කිරීමේදී අප මතකයට නැගෙන්නේ එදා ප්‍රේමදාස මහතා ක්‍රියාවට නැංවූ ‘ජංගම කාර්යාල’ වැඩසටහනයි.

1984 නොවැම්බර් මස 17 දින අගමැති ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් සිය උදාගම් ව්‍යාපාරයේ 300 වැනි ආදර්ශ ගම්මානය, යාපහුව සිය ප්‍රථම උදාගම ඇසුරේ උදාවිය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා,

‘තමුන්නාන්සේලා හැම දෙනකුට වගේම මටත් සතුට අද සතුට ගෙනදුන් දිනයක්. එයට හේතුව මුල්ම උදාගම බිහිවූ භූමිය ඇසුරේ, මෙම ජාතික සංවර්ධන වැඩසටහනේ සියවැනි දෙසියවැනි ගම්මාන ඉදිවූ විලසින්ම, මෙම 300 වැනි ගම්මානය උදාවීමයි.

නමුත් ඒ සතුට සමගින් කනගාටුවට කරුණකුත් මා මෙහිදී දුටුවා. අද මෙම උදාගම් උත්සව අවස්ථාවට සහභාගි වූ ජනතාව වෙතින් ඉදිරිපත්වූ අනේකවිධ, අපෙන් විසඳුම් අපේෂිත ගැටලු ඉදිරිපත් වීම ඒ කනගාටුදායක සිදුවීමයි. බැලූබැල්මට, මේ ප්‍රශ්න බොහොමයක් සඳහා සැබෑ ලෙසින්ම විසඳුම් පැවැතියද ඒවා සැබෑ ලෙසින්ම විසඳී නැති බව පෙනුණා. මේ ගැටලු සඳහා මුහුණ දෙන ඔබ තමුන්නාන්සේලා සමගින්, මේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදිය යුතු නිලධාරීන් හා දේශපාලකයන් එකවර මුණගැසේ නම් මේ බොහෝ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදිය හැකියි. ඒ අනුව මේ සියලු පාර්ශ්වයන්ගේ හමුවීමක් තව නොබෝ දිනකින් යාපහුව ප්‍රථම උදාගමේදී සංවිධාන කිරීමට මා බලාපොරොත්තු වෙනවා’යි පැවැසීය.

ඒ උදාගම් ජංගම සේවාවේ ආරම්භයයි. එතැන් සිට ගතවූ දින කිහිපය තුළදී උදාගම් ජංගම සේවාව සඳහා අවශ්‍ය කාර්යයන් අග්‍රාමත්‍ය කාර්යාලය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා සෙසු දායකත්ව ආයතන සහායෙන් සංවිධානය විය.

1984 වසරේ දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන් යාපහුව මුල්ම උදාගම් ජංගම සේවාව සඳහා නියම වුණි. 1984 වසරේ අප්‍රේල් මස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක අංශයේ මූලිකයා ලෙසින් රාජකාරි වගකීම් භාරගත් මා ඇමතූ අගමැති ප්‍රේමදාස මහතා, මුල්වරට මෙම ජංගම සේවාව ආශ්‍රිත රාජකාරි වගකීමක් මා වෙත පැවරීය.

ඒ යාපහුව උදාගම සහ ඒ අශ්‍රිත සෙසු ආදර්ශ ගම්මාන වෙත නිලධාරි කණ්ඩායමක් සමගින් ගොස්, ජංගම සේවාව පිළිබඳ ජනතාව දැනුවත් කොට, ඔවුන් මුහුණදී ඇති රජයෙන් විසඳුම් ලැබිය යුතු ප්‍රශ්න හඳුනාගැනීමයි.

එමෙන්ම උදාගම් ජංගම සේවාව පිළිබඳ යාපහුව අවට ගම් ප්‍රදේශ සොයා ගිය අප, එම වැඩසටහන පිළිබඳ ගම්වැසි ජනතා දැනුවත් කොට, ඔවුන් මුහුණදී ඇති විසඳුම් ලැබිය යුතු ප්‍රශ්න සමගින් එදින ජංගම සේවාව වෙත පැමිණෙන ලෙස දැනුම් දුන්නෙමි.

මෙහිදී අගමැතිතුමන්ගේ උපදෙස වූයේ, මෙම ජංගම සේවාව සඳහා සහභාගි වන සියලු නිලධාරීන් සහ දේශපාලකයන් ජංගම සේවාවට පෙර දින සිට එහි අවසන් දිනය දක්වාවූ දින කිහිපයේ, ගම්මුන්ගේ වඩාත් සමීප ඇසුරත් සමගින් ගම්මුන්ගේ නිවාසයන්හි නේවාසිකව ගතකරන ලෙසයි.

වෙනත් මෙවන්වූ දුරබැහැර රාජකාරි සඳහා පැමිණෙන විට නිල නිවාස ස්ථානයක නවාතැන් ගන්නා රාජ්‍ය නිලධාරින්ට මෙන්ම, දේශපාලකයන්ටද මෙය නව අත්දැකීමක් විය.
එමෙන්ම තමන් මුහුණපාන ගැටලු සඳහා විසඳුම් ලබාදෙන රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන නියෝජිතයන්, ආගන්තුක සත්කාර ලබමින් සිය නිවහනේ ගතකිරීම සියලු ගම්වැසියන්ගේ සතුටට හේතුවක් විය.

ගම්මුන් සමගින් ජංගම සේවාව සඳහා සහභාගිවූ සියලු පාර්ශ්වයන් විස්මයට පත්කළ සිදුවීම වූයේ කිසිවකුටත් විශේෂ දැනුම්දීමක් සිදු නොකර, ජංගම සේවාවට පෙර දින රාත්‍රීයේ ප්‍රේමදාස මහතාද යාපහුව උදාගම වෙත පැමිණ එහි ගම්වැසි නිවසක නවාතැන් ගැනීමයි.

පසුදින පෙරවරු 08ට යාපහුව උදාගම ප්‍රථම ජංගම සේවාව ඇරඹිණි. එම උදාගම හා ඒ අවට යාබද ගම්මාන ජනතාව, තමන් දිගුකලක් පීඩාවිඳි, අනේකවිධ ප්‍රශ්න සමගින් ජංගම සේවාවට රැස්වූහ.

ජනතා මෙහෙවර හා සම්බන්ධ විවිධ වූ විෂයයන් ලෙසින් වෙන් වෙන්ව ගොනුවූ රාජ්‍ය නිලධාරීන් සමගින් අදාළ විෂය භාර, මැති ඇමැතිවරුන් එහිදී එක්විය.
ජංගම සේවාව පුරා පැතිරී සිටි ගම්මුන්ට මෙය සැබැවින්ම ඇදහිය නොහැකි අත්දැකීමක් විය.

තම කුඹුරුකරයේ, නිවහනේ, කවර හෝ ගැටලුවක් සඳහා සදාකාලිකවම ග්‍රාමසේවක මහතා පමණක් හමුවූ ගම්මුන්ට, තම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන උසස්ම රාජ්‍ය නිලධරයන් සමගින් එකී විෂය භාර මැති ඇමැතිවරුන් සමීපව වාඩිවී, තමන් ඔවුන් වෙත නොවිසඳුණු ගැටලු හා දුක්ගැනවිලි රැගෙන එන තෙක් බලාසිටීම සැබැවින්ම අලුත් අත්දැකීමක් විය.

උදාගම් ජංගම සේවාව ආරම්භක අවස්ථාවේදී තමන් වෙනුවෙන් සකස්ව තිබූ අගමැති කාර්යාලයේ දී ජනතාව හමුවී පිළිසඳරේ යෙදෙමින්, ඔවුන්ගේ ප්‍රශ්න සඳහා අවධානය යොමුකළ ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව ජංගම කාර්යාල පරීශ්‍රයේ ඔබමොබ කඩිසරව ගමන් කරමින්, එහි සේවා කටයුතු සිදුවන අයුරු සොයාබැලීය.
යාපහුව ජංගම සේවාව අවසන එහි පැවති ජනහමුව ඇමතූ අගමැති ප්‍රේමදාස මහතා,

‘අද උදාගම් වැසියන් සහ එහි අවට ගම්වැසි ඔබ තමුන්නාන්සේලාට සතුටු ගෙනදෙන දිනයක්. ඉතා දීර්ඝ කාලයක් තම ජීවතවලට බලපෑ ගැටලු සඳහා අද සුළු වේලාවකදී විසඳුම් ලැබුණා. නැතිනම් ඒ සඳහා සැබෑ ලෙසින්ම විසඳුම් ලැබෙන නිශ්චිත වූ දිනයක් සහ වේලාවක් ලැබුණා. නොඑසේ නම් ඒ සඳහා ඔබටත් එකඟ විය හැකි, වඩාත් සාධාරණ විකල්ප විසඳුමක් හිමිවුණා.’

‘අද දවසේ ජනතා ප්‍රශ්න අතුරින් බහුතරයකට, අදම විසඳුම් ලබාගැනීමට හැකිවීම සතුටට කරුණක්. තවත් ඔබ ගැටලු රැසකට ඉදිරි දින කිහිපය තුළදී විසඳුම් ලැබෙයි.’
‘අන් සියලු ගැටලු සඳහා විසඳුම් රැගෙන මේ සියලු ප්‍රශ්න සැබෑ ලෙසින්ම විසඳී ඇත්දැයි බලන්න තව මාසයකින් නැවත මම මෙම උදාගමට එනවා.’ යැයි පැවසීය.
මෙම ජංගම කාර්යාල සේවාව නිමවී දෙදිනක් ගතවූ අවස්ථාවේ, කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ, අග්‍රාමාත්‍ය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ‘ජංගම සේවා ලේකම් කාර්යාලයක්’ ස්ථාපිත වූ අතර, එමගින් ජංගම කාර්යාල සේවා වැඩසටහන සම්බන්ධීකරණය විය.

උදාගම් වැසියනට ප්‍රේමදාස මහතා පොරොන්දු වූ පරිදි, ජංගම සේවාව පවත්වා මසක් ඉක්මවුණු තැන අගමැතිවරයා, ගම්මුන්ගේ නොවිසඳුණු ප්‍රශ්න සඳහා විසඳුම් ගෙන නැවත උදාගම වෙත පැමිණි අතර, ඒ හේතුවෙන් ජනතාව අතර, මෙතෙක් රාජ්‍ය සේවය පිළිබඳ නොතිබුණු විශ්වාසයක් ගොඩනැගිණි.

මෙම වැඩසටහන හේතුවෙන්, ජනතා ප්‍රශ්න සඳහා වඩාත් අවධානයකින් කටයුතු කිරීමට නිලධාරීහු මෙන්ම දේශපාලන නියෝජිතයෝ කටයුතු කළහ. මෙම වැඩසටහනේ ඵලදායිතාව හේතුවෙන් දිවයින පුරා පිහිටි උදාගම් වැසියෝ, සිය ගම්වැසියන්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ගෙනෙන, උදාගම් ජංගම සේවාව සිය ගම්මානය වෙත ලබාදෙන ලෙසින් ඉල්ලුම් කළහ.

උදාගම් ජනතාවගේ ඉල්ලීම සපුරාලීමේ අරමුණෙන් මම ජංගම සේවා වැඩසටහනේ මුල් අදියර යටතේ දිවයිනේ තෝරාගන්නා දිස්ත්‍රික්ක කීපයක මෙම වැඩසටහන පැවැත්වීමට ප්‍රේමදාස මහතා තීරණය කරනු ලැබීය. ඒ අනුව උදාගම් ජංගම සේවාවේ දෙවැනි පියවර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මැතිවරණ කොට්ඨාසයේ සපුමල්ගම ආදර්ශ ගම්මානයේදීත්, ඉන් පසු අනුපිළිවෙළින් ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් හිනිදුම මාපලගම ආදර්ශ ගම්මානයේත්, ඉන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සුමුදුගම ආදර්ශ ගම්මානය මෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ම ජංගම සේවා වැඩසටහන හඟුරන්කෙත සංඝරාජගම ආදර්ශ ගම්මානය සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආණමඩුව සමගිගම ආදර්ශ ගම්මානයේ මෙම ජංගම සේවා වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමෙන් පසු දිවයින පුරා ඉදිවූ සෑම උදා ගම්මානයකම වැසියන් අගමැති ප්‍රේමදාස මහතාගේ අවධානයට යොමුවීම සඳහා විසඳුම් නොලැබුණු ජීවන ගැටලු අගමැති කාර්යාල ජංගම සේවා ලේකම් කාර්යාලයට යොමුකරන ලදී.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමග සිය ගැටලු සඳහා සැබෑවූ විසඳුම් පාලකයන් සතු බව ජනතාව අවබෝධ කරගත් අතර, ඊට විසඳුම් සෙවීම සඳහා අලස බවක් පෙන්නුම් කළ නිලධාරීන් වඩාත් වගකිව යුතුව ජනතා ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට උත්සුක විය.

මෙම සාර්ථක ජනතා මෙහෙවර සිය ඉදිරිකාලීන ජනතා සේවාව සඳහා වඩාත් සක්‍රීයව දායක කරගැනීමට තීරණය කළ ප්‍රේමදාස මහතා 1988 දෙසැම්බරයේ පැවැති ජනාධිපති මැතිරවණ අවස්ථාවේදී මෙම ජංගම සේවා වැඩසටහන පිළිබඳ විශේෂ සඳහනක් කළේය.

ඊට අනුව ඔහුගේ අපේක්ෂාව වූයේ ජනපති මැතිවරණ ජයග්‍රහණයෙන් පසු සමස්ත රාජ්‍යතන්ත්‍රය නිශ්චිත වූ කාලපරිච්ඡේදයකදී අවශ්‍යයෙන්ම සංවර්ධනය විය යුතු දිස්ත්‍රික්කයන් සොයා ගොස් ඒ ඒ ප්‍රදේශවල සංවර්ධන කාර්යයන් තිරසර ලෙසින් ඉටුකිරීමයි. එකී පොරොන්දුව සපුරමින් ජනපති මැතිවරණය ජයග්‍රහණයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන රජය ගමට ගෙන යෑම ලෙසින් නම් වූ ජනපති ජංගම සේවාව මුල්වරට 1989 ජූලි 14 වැනිදා සිට 2016 දක්වා අම්පාරේ පවත්වන ලදී. එම ජංගම සේවාවට මසකට පෙරදී සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල නියෝජිතයෝ අම්පාර දිස්ත්‍රික්කය තුළ තම අමාත්‍යාංශය හා ආයතනය වෙතින් කළ යුතු මහජන සේවාවන් හඳුනාගෙන ඒවා ප්‍රමුඛතා පදනමක් යටතේ මෙම ජංගම සේවාව වෙනුවෙන් ඉටුකිරීමට කටයුතු කළහ.

ජනාධිපතිවරයා සමගින් සියලු මැති ඇමැතිවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගි වූ මෙම ජංගම සේවා තෙදින තුළ සාර්ථකව නිමකළ එකී ව්‍යාපෘති ජනගත කිරීම සිදුවිය. ජනපති උපදෙසින් මෙම ජනපති ජංගම සේවාව සඳහා පක්ෂ විපක්ෂ දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ද සහභාගි විය. ජනපති ප්‍රේමදාස මහතා ජංගම සේවාව පැවැති තෙදින තුළදී එහි රැඳී සිටි අතර ඔහු මූලිකත්වයෙන් පැවැති සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාව හා වෙනත් සාකච්ඡාද ජංගම සේවාව ඇසුරේ පවත්වන ලදී.

මේ අයුරින් ප්‍රේමදාස මහතා දියත් කළ ජංගම සේවාවන් පහත දින වකවානුවලදී සිදුවිය.

1989 ජූලි 14-17 අම්පාර
1989 නොවැ. 03-05 මාතර
1990 ජූලි 27-29 කෑගල්ල
1991 අගෝ. 16-18 බදුල්ල
1992 ජන. 17-19 කළුතර
1992 මැයි 29-31 වවුනියාව
1992 සැප්. 18-20 මහනුවර
1993 ජන. 29-31 ත්‍රිකුණාමලය

ඉන් අනතුරුවද දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක තුළද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ඒ සියල්ල ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

මේ සියලු ක්‍රියාකාරකම්වලින් පෙන්නුම් කරන්නේ ජනතාව මුහුණ දුන් දෛනික ජීවන ගැටලු සඳහා ජංගම සේවා වඩාත් ඵලදායී ක්‍රියාන්විතයක් වූ බවකි.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

පක්ෂයෙන් නිර්ණායකයක් දුන්නා ලයිස්තුවෙන් පත් කරන කොට පළමුවැනියාට දෙවැනියාට ප්‍රතිශතයෙන් ඉන්න අයට දෙන්න ඕන කියලා! ඒක බොහෝ දෙනෙක් කරලා තියෙනවා! සජබ සංවිධායකවරු කිහිපදෙනෙක් ඉල්ලා අස්වීම ගැන මරික්කාර් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මීගමුවේ උණුසුම් තත්ත්වයක්! අනුරට බණිනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.