එතනෝල් ලංකාවට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගෙන තිබියදී ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම මගින් ගෙන්වනු ලැබ තිබූ එතනෝල් කන්ටේනර් 20ක් මුදාහැරීමට රේගුව පියවර ගෙන ඇත.
පසුගිය සිකුරාදා දිනයේ මෙම මුදාහැරීම සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මධ්‍යසාර නිපදවීම සදහා ආනයනය කරනු ලබන එතනෝල් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් රේගුව පෙන්වා දෙන්නේ තහනමට පෙර මෙම එතනෝල් තොගය ඇනවුම් කිරීමට පියවර ගෙන තිබූ බැවින් එය මුදාහැරීමට පියවර ගත් බවකි.
ලංකාවේ විශාලතම මධ්‍යසාර නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ හැරී ජයවර්ධන මහතාට අයත් Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගමය.










