අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග දිවයින පුරා පැනවූ ඇඳිරි නීතිය කඩින් කඩ ලිහිල් කිරීමට ආණ්ඩුව පසුගිය කාලයේ කටයුතු කළේය.
කෙසේවෙතත් රට ඇතුළේ කොරෝනා රෝගීන් වාර්තා වීම නතර වීමත් සමග ඇඳිරි නීතියද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.










