ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගම විසින් ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්ම දියත් කරන ලදී. කොවිඞ්-19 වසංගත අර්බුදය හමුවේ සමාජය නගාසිටුවීම පිණිස පැල්වත්ත සමාගම දක්වන කැපවීම එම වැඩසටහන් තුළින් මැනවින් පිළිබිඹු කෙරේ. එම වැඩසටහන් අතුරින් එකක් වූයේ, වසංගත තත්ත්වය හමුවේ දෛනික කිරිපිටි අවශ්‍යතාව සපුරා ගත නොහැකිව සිටි ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි තොගයක් පරිත්‍යාග කිරීමයි.
‘මිතුරු මිතුරෝ’ සංවිධානය ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගත් සංවිධානයක් වන අතර, එය රජයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ලියාපදිංචි කර තිබේ. මේ වන විට පැල්මඩුල්ල, කුරුවිට, ගම්පහ සහ පිළියන්දළ යන ප්‍රදේශවල ඒ යටතේ පිහිටුවා ඇති ශාඛා හතරක 350කට අධික පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබති.
“මෙම නේවාසික පිරිසගේ භාවිතය සඳහා දෛනික කිරිපිටි අවශ්‍යතාවය හා කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අවශ්‍ය කිරිපිටි ලබා ගත නොහැකි වීමේ ගැටලුවකට සංවිධානය මුහුණ පා ඇතැයි, සමාගම් කළමනාකාරීත්වය දැනුවත් වීමත් සමග, සමාජ වගකීමක් සහිත දේශීය කිරි නිෂ්පාදන ආයතනයක් වශයෙන්, ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට අපි බොහෝ සෙයින් බැඳී සිටියා.” සමාගම සඳහන් කරයි.










