කොරෝනා පැවති සමයේදී රණවරුවන්ගේ වැටුපෙන් රුපියල් 19,000ක් කපා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය, කුරුණෑගල සමගි ජන බලවේගයේ අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කරයි.
අද රජය රණවිරුවන්ට සලකන බව රටට පෙන්වූවද සැබෑ තත්ත්වය මෙය බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කතා කළද ඊට ප්‍රධාන ලෙසම වගකිව යුතු හිටපු සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මහතා අද පොහොට්ටුවේ අපේක්ෂකයකු බවත්, සන්ධානයේ සභාපතිවරයකු බවත් අලවතුවල මහතා පෙන්වා දුන්නේය.











