පොලීසිය සමග අද (26) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී කැටවල පිටියේ සම්පත් නම් පාතාල අපරාධකරුවෙක් මියගොස් ඇත.
පාතාල කල්ලි නායකයකු වන ගණේමුල්ල සංජීවගේ සමීපතම සගයකු වන මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හදුනාගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා අපරාධ කල්ලිවල වෙඩික්කරුවෙක් ලෙසද කටයුතු කර ඇති බවකි.
ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇත.