සිය පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් රචිත ගීතයක් සිය තේමා ගීතය ලෙස යොදා ගනිමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම කොළඹ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගත්තේය.
පසුගියදා සිය පියාගේ දේශපාලන රාජධානිය වූ මැද කොළඹ ‘සුචරිතයේදී’ මෙම තේමා ගීතය එළිදැක්වීමට ඒ මහතා පියවර ගෙන තිබිණ.
එම අවස්ථාවට මැද කොළඹ පාක්ෂිකයන් මෙන්ම හේමා ප්‍රේමදාස මැතිනියද එක්ව සිටිනු දැකගන්නට ලැබිණ.










