2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවට තමන් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටී.
නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තරග පාවා දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද සිදුකළ බවයි.
ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12ක් අතරින් තරඟ පාවා දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද සඳහන් වන බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු වෙත අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂ ලිපියක් එවා තිබු බවත් ඔහු සඳහන් කළේය.










