මහමැතිවරණයෙන් පසු එම්.සී.සී. ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
ඒ අනුව ආණ්ඩුව යම් හෙයකින් බහුතර බලයක් ලබා ගතහොත් පාර්ලිමේන්තුව හරහා ගිවිසුම අස්සන් කරන බවත්, එසේ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින අමෙරිකන් ගැත්තන්ගේ සහාය ගෙන එය අස්සන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ ආණ්ඩුවට බහුතර බලයක් ලබා නොදීමට ජනතාව පියවර ගත යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ කිසිසේත්ම එම්.සී.සී. ගිවිසුම අස්සන් නොතබන බවත් හෙතෙම කියා සිටියේය.










