2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද (24) උදෑසන ඔහුගේ නිවසට ගොස් ඇත.
මෙම නිලධාරීන් අද (24) පෙරවරු 6ට පමණ මහින්දානන්ද මහතාගේ නාවලපිටියේ පිහිටි නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දි තිබුණි.
අලුත්ගමගේ මහතාගේ නිවසේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශය සටහන් කර ගන්නා බව එම විමර්ශන ඒකකය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර ඇත.










