තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පැවසීය.
තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව අවධාරණය කර සිටි කරුණා අම්මාන් තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව පෙන්වා දුන්නේය.
දැන් තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද විනායාගමූර්ති මුරලිදරන් ප්‍රකාශ කළේය.











